ජාතික ජනබලවේගයේ පළාත් පාලන නියෝජනය පිළිබඳ එම පක්ෂයේ වත්මන් අමාත්‍යවරයෙකු උපාලි පන්නිලගේ මහතා සහ තවත් පුද්ගලින් පිරිසක් අතර සිදුවූ සංවාදයක් බව සැළකෙන හඬ පටයක් අන්තර්ජාල නාලිකාවක් මගින් හෙළිකර තිබේ.
2024 ජනාධිපතිවරණයට පෙර පැවැත්වීමට සූදානම් කර තිබු පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සඳහා අපේක්ෂකයින් තෝරා ගෙන තිබු ආකාරය පිළිබඳ පක්ෂ ක්‍රියාකාරීන් පිරිසක් විසින් උපාලි පන්නිලගේ මහතාගෙන් ප්‍රශ්න කරන ආකාරය මෙම හඬ පටයේ අන්තර්ගතය.
එහිදී හෙළිවන්නේ ඇතැම් පළාත් පාලන අපේක්ෂකයින් පිළිබඳ පක්ෂ ක්‍රියාකාරීන්ගේ ප්‍රසාදයක් නොමැති බවයි.
එවැනි පුද්ගලයින් හේතුවෙන් අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රතිරූපයට හානි සිදුවන බවද ඔවුන් මේ අවස්ථාවේදී සංවාද කරන ආකාරය අදාළ හඬ පටය මගින් අසන්නට ලැබෙයි.