Home Local News Room : තිස්සට හදවත් සැත්කමක්.. වෛද්‍ය වෙලාවට බෑ කියා ජ්‍යෙතිශ්‍ය නැකතට...

News Room : තිස්සට හදවත් සැත්කමක්.. වෛද්‍ය වෙලාවට බෑ කියා ජ්‍යෙතිශ්‍ය නැකතට කරයි..

0
0

 

සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක තිස්ස අත්තනායක කොළඹ පෞද්ගලික රෝහලකදී ගිය සතියේ හදවත් සැත්කමකට භාජනය වූයේය. 

වෛද්‍යවරු නිර්දේශ කර තිබුණේ ඔක්තෝබර් 17-18 යන දිනවල ශල්‍ය කර්මය කළ යුතු බවයි. 

ඒ සඳහා ජ්‍යොතිෂ්‍යවේදි මගින් වේලාවක් බලා ගැනීමටද හිටපු ඇමැතිවරයා කටයුතු කළේය. 

පෙරවරු 9.30 පසු ශල්‍ය කර්මය කිරීම සුදුසු බව ජ්‍යොතිෂ්‍යවේදියා කීවත් වෛද්‍යවරු කීවේ උදෑසන පහට ශල්‍යකර්මය කළ යුතු බවයි. 

එහෙත් අවසානයේ වෛද්‍යවරු පෙරවරු 9.30 පසුවන තුරු සිට ශල්‍යකර්මය කළ අතර රෝහලේ සිටින කාලය තුළදී ඔහු බැලීම සඳහා පවුලේ සාමාජිකයන්ට අමතරව අවසර දී තිබුණේ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ හා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසට පමණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here