ශ්‍රී ලංකා මහ බැංකුවේ නිල සංචිතවල අගයෙහි සුළු අඩුවීමක් 2025 ඔක්තෝබර් මාසය අවසානය වන විට නිරීක්ෂණය විය.
ඔක්තෝබර් මාසය අවසානයේ දී රට සතු සමස්ත නිල සංචිත වත්කම් ඇස්තමේන්තුගත අගය එක්සත් ජනපද ඩොලර් මිලියන 6,216ක් විය.
ඊට පෙර මාසය වූ 2025 සැප්තැම්බර් අවසානයේ දී මෙම වත්කම්වල වටිනාකම වාර්තා වූයේ ඩොලර් මිලියන 6,244ක් ලෙසයි.
මේ අනුව, සංචිතවල 0.4%ක සුළු පහත වැටීමක් සිදුවී තිබේ.