මහ විරු දිනය නිමිත්තෙන් යාපනය විශ්වවිද්‍යාලය ඇතුළු උතුරු පළාතේ ප්‍රදේශ කිහිපයකදී නොවැම්බර් 1 දින සමරු උත්සව සහ වැඩසටහන් සංවිධානය කර තිබූ බව උතුරේ ආරංචි මාර්ග තහවුරු කරයි.
යාපනය විශ්වවිද්‍යාලය තුළ පිහිටි මහ විරු ස්මාරකය අසලදී විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක විය. මෙහිදී ශ්‍රමදානයක් සහ සම්ප්‍රදායික පහන් දැල්වීමේ උත්සවයක් පැවැත්විණි. මෙම සමරු වැඩසටහන සංවිධානය කරනු ලැබුවේ විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය විසිනි.
මීට සමගාමීව, උතුරේ පිහිටි පැරණි සුසාන භූමි දෙකක් ද පවිත්‍ර කර, පහන් දල්වා තිබේ. ඒ අතර කිලිනොච්චියේ කනකපුරම් සහ සාම්පූර්හි ආලන්කුලම් යන ප්‍රදේශවල පිහිටි සුසාන භූමි ද විය.