Home Local News Room : මාලිමා මැති ඇමතිලා හොරකම් කලොත් එලෝනවා.. ඔත්තු දෙන්න..

News Room : මාලිමා මැති ඇමතිලා හොරකම් කලොත් එලෝනවා.. ඔත්තු දෙන්න..

0
0

 ජාතික ජන බලවේගය නියෝජනය කරන කිසිදු තැනැත්තෙකුට, එනම් මන්ත්‍රීවරුන්ට, ඇමතිවරුන්ට, සභාපතිවරුන්ට මෙන්ම අනෙකුත් සියලුම නිලධාරීන්ට කිසිදු ආකාරයක හොරකම්, වංචා, දූෂණ හෝ නාස්ති සිදු කිරීමට නොහැකි බවට ඇමති ඩී. ලාල්කාන්ත මහතා අවධාරණය කරයි.

එවැනි අකටයුත්තකට සම්බන්ධ වන ඕනෑම අයකු වහාම එම තනතුරුවලින් නෙරපා හැරීමට පියවර ගන්නා බවත් මෙවැනි ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් මහජනතාවද සුපරීක්ෂාවෙන් සිටිය යුතු බවට ලාල්කාන්ත මහතා පවසයි.

බත් කන ජාතියක් වන ශ්‍රී ලංකාවට තවමත් සහල් ආනයනය කිරීමට සිදුව තිබීම පිළිබඳව කනස්සල්ල පළ කරන ඇමති ලාල්කාන්ත, තම රජය 2028 වසර වන විට රටට සහල් ගෙන්වීම මුළුමනින්ම නතර කරන පරිපූර්ණ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරමින් සිටින බවද ප්‍රකාශ කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here