Home World News Room : ඉන්දීය ගුවන්තොටුපොළේ තුර්කි මෙහෙයුම් නවතී

News Room : ඉන්දීය ගුවන්තොටුපොළේ තුර්කි මෙහෙයුම් නවතී

0
0

ජාතික ආරක්ෂාව සැලකිල්ලට ගෙන ඉන්දියාවේ ගුවන්තොටුපොළ භූමි මෙහෙයුම් සිදු කළ තුර්කි සමාගමේ සේවය අවසන් කිරීමට ඉන්දීය සිවිල් ගුවන්සේවා ආරක්ෂක කාර්යාංශය පියවර ගෙන ඇතැයි එරට මාධ්‍ය වාර්තා කරයි.

සිලේබි ඒවියේෂන් නමැති එම තුර්කි සමාගම විසින් ඉන්දීය ගුවන්තොටුපොළ රැසක සිදු කළ භූමි මෙහෙයුම් වහාම ක්‍රියාත්මක වන පරිදි අවසන් කළ බව ඉන්දීය සිවිල් ගුවන්සේවා ආරක්ෂක කාර්යාංශය නිවේදනය කළ බව ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි. ඒ අනුව සෙලේබි ඒවියේෂන්ස් සමාගම විසින් භූමි මෙහෙයුම් සිදු කළ ඉන්දියාවේ ගුවන්තොටුපොළ 9ක එම මෙහෙයුම් සේවා සඳහා නැවත ටෙන්ඩර් කැඳවීමට නියමිත බව ද ඉන්දීය මාධ්‍ය සඳහන් කරයි.

ජම්මු කාශ්මීර් ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු ඉන්දියාව හා පාකිස්තානය අතර උද්ගත වූ යුදමය තත්ත්වය අතරතුර තුර්කි රජය පාකිස්තානයට සහාය පළ කළ අතර, තුර්කියට අයත් සමාගමක් තවදුරටත් ගුවන්තොටුපොළ භූමි මෙහෙයුම් සඳහා යොදා ගැනීම ඉන්දියාවේ සිවු සේනා පක්ෂය ඇතුළු දේශපාලන ක්ෂේත්‍රයේ දැඩි අවධානයට ලක්වූ බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here