Home World News Room : ගුවන් ආරක්ෂණ පද්ධතියකට රුසියාවෙන් ඉන්දියාවට යෝජනාවක්

News Room : ගුවන් ආරක්ෂණ පද්ධතියකට රුසියාවෙන් ඉන්දියාවට යෝජනාවක්

0
0

රුසියාවේ නිෂ්පාදනය කරනු ලැබූ අතිනවීන තාක්ෂණයෙන් සමන්විත එස්- 500 මිසයිල නාශක පද්ධතියක් මිලදී ගන්නා ලෙස එරට රජය විසින් ඉන්දියාවට යෝජනා කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මේ වනවිටත් දේශසීමා ආරක්ෂාව සඳහා රුසියාවේ නිෂ්පාදිත එස්- 400 වර්ගයේ ගුවන් ආරක්ෂණ පද්ධතියක් භාවිත කරන ඉන්දියාව මෙතෙක් ඒ පිළිබඳ තීරණයක් ගෙන නැති බවද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි.

ඉන්දීය පර්යේෂණ ආයතනය ප්‍රකාශ කර ඇත්තේ එම යෝජනාව පළමුවෙන්ම අගමැති නරේන්ද්‍ර මෝදිට ඉදිරිපත් කර ඇත්තේ ඔහුගේ තුන්වැනි ධුර කාලයේ පළමු රුසියානු සංචාරය සිදුවූ පසුගිය වසරේ මැද භාගයේදී බවය.

එස්- 400 ගුවන් ආරක්ෂණ පද්ධතියේ වැඩිදියුණු කළ නිෂ්පාදනයක් වන එස්- 500 ගුවන් ආරක්ෂණ පද්ධතිය කිලෝමීටර් 600ක පරාසයක් තුළ මිනිසුන් රහිත ඩ්‍රෝන වැනි යානා, හයිපර්සොනික් හා බැලැස්ටික් මිසයිල හඳුනා ගැනීමේ හැකියාව ඇතැයි ද,, එය ගුවන් ආරක්ෂණ තාක්ෂණයේ සැලකිය යුතු ප්‍රගතියක් අත්කරගත් නිෂ්පාදනයක් ලෙස පිළිගෙන ඇතැයි ද විදෙස් මාධ්‍ය සඳහන් කරයි. එකවර ඉලක්ක 10ක් නිරීක්ෂණය කළ හැකි ආකාරයේ අතිනවීන තාක්ෂණය භාවිතයෙන් නිෂ්පාදනය කර ඇති එම ගුවන් ආරක්ෂණ පද්ධතිය රුසියාව විසින් පළමුවරට අත්හදා බලා ඇත්තේ 2018 වසරේදී බවද වාර්තා වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here