Home World News Room : ඊශ්‍රායල හමුදාවෙන් ගාසා තීරයට නොනවත්වා ගුවන් ප්‍රහාර – දිනමිණ

News Room : ඊශ්‍රායල හමුදාවෙන් ගාසා තීරයට නොනවත්වා ගුවන් ප්‍රහාර – දිනමිණ

0
0

ඊශ්‍රායල හමුදාවෙන් පෙරේදා අලුයම කාලයේ සිට නොනවත්වා එල්ල කළ ගුවන් ප්‍රහාරවලින් ගාසා තීරයේ පලස්තීනුවන් 103 දෙනකු ජීවිතක්ෂයට පත්වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ගාසා තීරයේ ඛාන් යූනිස් නුවර පිහිටි අවතැන්වූවන්ගේ කඳවුරු සහ සාමාන්‍ය වැසියන්ගේ නිවාස විශාල ප්‍රමාණයක් ගුවන් ප්‍රහාරවලින් විනාශ වී ඇති අතර, කාන්තාවන් හා දරුවන් වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්වූවන් අතර සිටින බව ගාසා තීරයේ සිවිල් ආරක්ෂක ඒජන්සිය ප්‍රකාශ කර තිබේ.

ගාසා ප්‍රහාරය සම්බන්ධව ඊශ්‍රායල හමුදාව කිසිදු ප්‍රතිචාරයක් දක්වා නැති බවත්, ගොඩබිම් ආක්‍රමණ පුළුල් කිරීමට පෙර හමාස් සංවිධානයේ යටිතල පහසුකම් විනාශ කිරීමේ අරමුණින් ප්‍රහාරය සිදුකළ බවට වාර්තා වන බවත් විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

කටාර් හා ඊජිප්තුවේ මැදිහත්වීමෙන් ගාසා තීරයේ ක්‍රියාත්මක කළ සටන් විරාමය අවසන් වීමෙන් පසුව ඊශ්‍රායල හමුදාව එල්ල කළ වඩාත්ම දරුණු ප්‍රහාරය මෙය බව ද වාර්තා වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here