අයිඑස් ත්‍රස්ත සංවිධානය වෙනුවෙන් මිචිගන් ප්‍රාන්තයේ හමුදා කඳවුරක් ඉලක්ක කරමින් ප්‍රහාරයක් එල්ල කිරීමට සැලසුම් කළ එම හමුදා කඳවුරේ හිටපු ආරක්ෂක සෙබළෙක් අත්අඩංගුවට ගෙන ඇතැයි නිව්යෝක් ටයිම්ස් පුවත් සේවය වාර්තා කළේය. ආමර් අබ්දුල් මජීඩ් මොහොමඩ් සයිඩ් නමැති 19 හැවිරිදි මේ ආරක්ෂක සෙබළා මිචිගන් ප්‍රාන්තයේ හමුදා කඳවුර ආසන්නයේදී අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහු ඩ්‍රෝන යානයක් භාවිත කරමින් ප්‍රහාරය සිදු කිරීමට සැලසුම් කර තිබූ බව අමෙරිකාවේ මධ්‍යම බුද්ධි තොරතුරු කාර්යාංශය ප්‍රකාශ කළ බව නිව්යෝක් ටයිම්ස් පුවත් සේවය වැඩිදුරටත් වාර්තා කළේය.
අදාළ හමුදා සෙබළා පසුගිය ජූනි මාසයේ සිට අයිඑස් ත්‍රස්ත සංවිධානයට සහාය දෙන තවත් පුද්ගලයන් දෙදෙනකු සමඟ එම ප්‍රහාරය සම්බන්ධව තොරතුරු හුවමාරු කරගෙන ඇති අතර, එම දුරකතන සංවාද මධ්‍යම බුද්ධි තොරතුරු කාර්යාංශයේ නියෝජිතයකු විසින් පටිගත කරනු ලැබීමෙන් පසු සැලසුම අනාවරණය වී ඇතැයි ද නිව්යෝක් ටයිම්ස් පුවත් සේවය සඳහන් කළේය.
The post අයිඑස් ත්‍රස්ත සාමාජිකයෙක් අත්අඩංගුවට appeared first on දිනමිණ.