Home World News Room : සටන් විරා­මය අත­ර­තුර යුද සිර­ක­රු­ හුව­මා­රු­වක්

News Room : සටන් විරා­මය අත­ර­තුර යුද සිර­ක­රු­ හුව­මා­රු­වක්

0
0

ඉන්දි­යාව සහ පාකි­ස්තා­නය අතර සටන් විරා­මය ක්‍රියා­ත්මක වෙමින් තිබි­යදී දෙර­ටම යුද සිර­ක­රු­වකු බැගින් හුව­මාරු කර­ගත් බව පාකි­ස්තාන ජාතික රූප­වා­හිනි සේවය උපුටා දක්ව­මින් එරට ඩෝන් පුවත් සේවය වාර්තා කළේය. ඉන්දු- පාකි­ස්තාන වගා අටාරි දේශ­සී­මාව අස­ලදී හුව­මාරු කර­ගත් යුද සිර­ක­රු­වන් දෙදෙ­නාම ආර­ක්ෂක අංශ­වල සාමා­ජි­ක­යන් බව ද ඩෝන් පුවත් සේවය වැඩි­දු­ර­ටත් වාර්තා කළේය.

එම යුද සිර­ක­රු­වන් හුව­මා­රු­වේදී ඉන්දි­යාව විසින් අත්අ­ඩං­ගු­වට ගත් පාකි­ස්තාන දේශ­සීමා ආර­ක්ෂක සෙබ­ළුකු වන මහ්මු­දුල්ලා ඊයේ ඉන්දීය නිල­ධා­රීන් විසින් පාකි­ස්තාන නිල­ධා­රීන්ට බාර දෙනු ලැබූ බවත්, ඒ වෙනු­වට පාකි­ස්තාන හමු­දාවේ අත්අ­ඩං­ගුවේ පසුවූ ඉන්දීය දේශ­සීමා ආර­ක්ෂක බළ­කායේ පොලිස් කොස්තා­ප­ල්ව­ර­යකු වන පූර්නම් කුමාර් ෂෝ ඉන්දීය නිල­ධා­රින් වෙත බාර දී ඇති බවත් වාර්තා වේ.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here