Home World News Room : සිරියාවට එරෙහි සම්බාධක ඉවත් කරන බව අමෙරිකා ජනපති පවසයි

News Room : සිරියාවට එරෙහි සම්බාධක ඉවත් කරන බව අමෙරිකා ජනපති පවසයි

0
0

සිරියාව සඳහා ක්‍රියාත්මක කරන සියලු සම්බාධක ඉවත් කරන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සදහන් කරයි.

සෞදි අරාබියේ සංචාරයක නිරත අමෙරිකානු ජනාධිපතිවරයා විසින් එරට සාකච්ඡාවක් අතරතුර ඒ බව නිවේදනය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

සිරියාවට ඉදිරියට යාම සඳහා මෙය මහගු අවස්ථාවක් බව අමෙරිකානු ජනාධිපතිවරයා පවසා තිබේ. සිරියාවට එරෙහි සම්බාධක අවසන් කිරීම දශකයකට වැඩි සිවිල් යුද්ධයකින් බිඳ වැටී ඇති රටකට විශාල ශක්තියක් වනු ඇත. වත්මන් ජනාධිපති අහමඩ් අල්-ෂාරාගේ නායකත්වයෙන් යුත් කැරලිකරුවන් පසුගිය දෙසැම්බර් මාසයේදී ජනාධිපති බෂාර් අල්-අසාද් බලයෙන් පහ කළහ.

එමෙන්ම සෞදි අරාබිය සමඟ ඩොලර් බිලියන 142ක අවි ගනුදෙනුවක් සිදුකිරීමටද අමෙරිකාව එකඟත්වයකට පැමිණ ඇති බව සඳහන්වේ.

අමෙරිකානු ජනාධිපතිවරයා ධූරයට පත්ව සිය පළමු විදෙස් සංචාරය ලෙස සෞදි අරාබියේ සංචාරයක නිරත වේ.

ඊට අමතරව කටාර් සහ එක්සත් අරාබි එමීර් රජ්‍යයේද ඩොනල්ඩ් ට්‍රම්ප් සංචාරය කිරීමට නියමිතය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here