Home Sport News Room : වර්ණකුලසූරිය ශ්‍රී ලංකාවට පළමු ජය ගෙ‍ෙනයි

News Room : වර්ණකුලසූරිය ශ්‍රී ලංකාවට පළමු ජය ගෙ‍ෙනයි

0
0

රටවල් 26ක ක්‍රීඩක ක්‍රීඩිකාවන් 400කට අධික සංඛ්‍යාවක් සහභාගි වන ආසියානු අවුරුදු 22න් පහළ සහ යොවුන් බොක්සිං ශුරතාවලියේ දෙවැනි දිනය වූ ඊයේ කිලෝග්‍රෑම් 48 බර පන්තියෙන් තරග වැදුණු ජී.එස්.සී. වර්ණකුලසූරිය කිර්ගිස්තාන ක්‍රීඩක අනරලි අනර්බෙකොව්ට එරෙහිව ශ්‍රී ලංකාවට පළමු ජයග්‍රහණය අත්කර දීමට සමත්විය.

සුගතදාස ගෘහස්ථ ක්‍රීඩා සංකීර්ණයේ පැවැත්වෙන මේ ශූරතාවලියේ දෙවැනි දිනයේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් ක්‍රීඩකයන් පස්දෙනකු තරග වැදීමට නියමිතව තිබූ අතර, ඊයේ පස්වරුව වනවිට ඉන් තරග 3ක් නිමාවට පත්වී තිබිණි. නිමාවට පත්වූ සෙසු තරගවලදී විදූෂ හෙට්ටිආරච්චි සහ කසකස්තාන ක්‍රීඩක අල්ඩියාර් බකාදුර් අතර පැවැති කිලෝග්‍රෑම් 54 බර පන්තියේ තරගයෙන් කසකස්තාන ක්‍රීඩකයා ජයගත් අතර, කිලෝග්‍රෑම් 51 බර පන්තිය යටතේ නිලූෂ ඉලංගසිංහ කසකස්තානයේ ඩොසිම්ෂාන් ටන්ගටාර් හමුවේ පරාජයට පත්විය.

සෞදි අරාබියේ මොහොමඩ් අල් හදරි සහ ඒ.ඩබ්.ඒ. ජයතිස්ස අතර කිලෝග්‍රෑම් 57 බර පන්තියේ තරගය සහ ඉන්දියාවේ එම්. මෝහිත්ට එරෙහිව ශ්‍රී ලංකාවේ එම්.ටී. ආසිල් තරග වදින කිලෝග්‍රෑම් 60 බර පන්තියේ තරගය ඊයේ පස්වරුවේ පැවැත්වීමට නියමිතව තිබිණී. ආසියානු බොක්සිං සම්මේලනය සහ ශ්‍රී ලංකා බොක්සිං ආයතනය එක්ව සංවිධාන කරනු ලබන ආසියානු අවුරුදු 22න් පහළ සහ යොවුන් බොක්සිං ශුරතාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 33 දෙනකු එක්වි සිටිති.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here