Home Sport News Room : යුද ගැටුම් ‍මැද ඉන්දියාව හා පාකිස්තානය ක්‍රීඩා පිටියේදී මුහුණට මුහුණ

News Room : යුද ගැටුම් ‍මැද ඉන්දියාව හා පාකිස්තානය ක්‍රීඩා පිටියේදී මුහුණට මුහුණ

0
0

ඉන්දියාව සහ පාකිස්තානය අතර යුද ගැටුම් හා දේශපාලන ආතතීන් උත්සන්න වෙමින් පවතිද්දී ආසියානු බීච් හෑන්ඩ්බෝල් ශූරතාවලියේදී තම පරම ප්‍රතිවාදීන් වන ඉන්දියාවට එරෙහිව තරග කළ පාකිස්තානය, 2-0ක ජයක් ලබා අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීය.

මස්කට්හි සුල්තාන් කබූස් ක්‍රීඩා සංකීර්ණයේ දින තුනකට පෙර පැවති මෙම තරගය වර්ජනය කිරීමට ඉන්දීය පිල මුලින් සූදානම් වුවද තරගය නොපැවැත්වුවහොත් මූල්‍යමය දඬුවම් ලැබෙන බව ආසියානු හෑන්ඩ්බෝල් සම්මේලනය සහ ජාත්‍යන්තර හෑන්ඩ්බෝල් සම්මේලනය විසින් අනතුරු ඇඟවීම් කළේය. අතරතුර ඉන්දීය ක්‍රීඩකයින් විරෝධතා දැක්වීමේ ඉඟියක් ලෙස කළු අත් පටි පැලඳ තරගයට එක්විය. පාකිස්තානය ඉන්දියාව සම්පූර්ණයෙන්ම අබිබවා ගිය අතර, ලකුණු 36-7ක් සහ 34-6ක් ලෙස තරග වට දෙකම ජයග්‍රහණය කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here