Home World News Room : පාකිස්තානයේ මිලියන 10ක ජනතාව ආහාර හිඟයක

News Room : පාකිස්තානයේ මිලියන 10ක ජනතාව ආහාර හිඟයක

0
0

පාකිස්තානයේ පුරවැසියන්ගෙන් මිලියන 10කට ආසන්න පිරිසක් 2025 මූල්‍ය වර්ෂයේදී උග්‍ර ආහාර හිඟයකට මුහුණ දෙනු ඇතැයි ලෝක බැංකුව අනතුරු අඟවා ඇතැයි පාකිස්තාන ඔබ්සර්වර් පුවත් සේවය වාර්තා කළේය. වාර්තාවක් උපුටා දක්වමින් ලෝක බැංකුව වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ එරට අභ්‍යන්තර අර්බුද පමණක් නොව, බාහිර අර්බුද කිහිපයක් ද ඊට හේතුවනු ඇති බවය. අස්ථාවර ආර්ථිකය, දේශපාලන අවිනිශ්චිතභාවය, දේශගුණික විපර්යාස සහ ගෝලීය ආහාර මිල ඉහළ යෑම වැනි සාධක හේතුවෙන් පාකිස්තානය අවිනිශ්චිත තත්ත්වයකට පත්ව ඇතැයි ද, දකුණු ආසියාවේ වඩාත්ම දරුණු අවදානමකට ලක්විය හැකි රටවල් අතරට ඇතුළත් වී ඇතැයි ද එම වාර්තාවේ සඳහන් වන බව පාකිස්තාන ඔබ්සර්වර් පුවත් සේවය වැඩිදුරටත් වාර්තා කළේය. කුසගින්න පමණක් නොව දරිද්‍රතාව, අසමානතාව හා දිගුකාලීන සංවර්ධන අපේක්ෂාවන් පිළිබඳ ගැටලු ද ඊට හේතුවනු ඇති බවත්, උද්ධමනය, මුදල් අවප්‍රමාණය වීම හා ඉහළ යන රාජ්‍ය ණය අර්බුදය වැනි සාධක ගණනාවක්ම මේ තත්ත්වයට බලපානු ඇති බවත් පාකිස්තාන ඔබ්සර්වර් පුවත් සේවය සඳහන් කරයි.

The post පාකිස්තානයේ මිලියන 10ක ජනතාව ආහාර හිඟයක appeared first on දිනමිණ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here