Home Sport News Room : රණශූරයන්ගේ සටනේ පළමු ජය දේවපතිරාජයට

News Room : රණශූරයන්ගේ සටනේ පළමු ජය දේවපතිරාජයට

0
0

අම්බලන්ගොඩ පී.ද එස්. කුලරත්න විදුහල සමඟ 4 වැනි වරට පැවති ‘රණශූරයන්ගේ සටන’ වාර්ෂික මහා ක්‍රිකට් තරගය කඩුලු 7කින් ජය ගැනීමට රත්ගම දේවපතිරාජ විදුහල සමත් විය.

මේ ජය සමඟ දේවපතිරාජ විදුහල ඉතිහාසයට එක් වන්නේ රණශූරයන්ගේ සටනේ පළමු ජයග්‍රාහකයන් ලෙසිනි. මීට පෙර පැවති තරග ත්‍රිත්වයම නිමා වී තිබුණේ ජය පරාජයෙන් තොරවය.

මේ තරගය පළමු වරට තෙදින තරගයක් ලෙස ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.

මේ තරගයේ පළමුව පන්දුවට පහර දුන් පී. ද එස්. කුලරත්න විදුහල් පළමු ඉනිම ලකුණු 189කට සීමා වූ අතර, පිළිතුරු ලෙස දේවපතිරාජ විදුහල පළමු ඉනිමට ලකුණු 297ක් රැස් කළේය. ලකුණු 108ක් පසුපසින් ඉනිමක පරාජයෙන් ගැලවීමේ සටන ඇරඹූ පී. ද එස්. කුලරත්න විදුහල් පිල දෙවැනි ඉනිමේදී ලකුණු 162කට දැවී ගියේ දේවපතිරාජයට ලකුණු 55ක ඉලක්කයක් දෙමිනි. එම ඉලක්කය කඩුලු 3ක් දැවී තිබියදී සපුරා ගැනීමට දේවපතිරාජ ක්‍රීඩකයෝ සමත් වූහ.

මේ තරගයේ දේවපතිරාජ පළමු ඉනිමේදී යසිරු ලක්ෂාන් රණශූරයන්ගේ සටනේ පළමු ශතකලාභියා බවට පත්වූයේ පන්දු 177කදී හතරේ පහර 16ක් සමඟින් ලකුණු 153ක් රැස් කරමිනි.

ජයග්‍රාහී දේවපතිරාජ පිල වෙනුවෙන් ගිම්හාන් රසාංජන (68/5) සහ ඔෂේන් කල්හාර (27/4) පන්දුවෙන් දස්කම් දැක්වූ අතර, යසිරු අභිෂේක් (95) සහ සසිඳු කෞෂාන් (55) කුලරත්න විදුහල වෙනුවෙන් අර්ධ ශතක රැස් කරමින් දස්කම් දැක්වූහ.

දකුණු පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ අතිරේක පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ චිත්‍රා බමුණුසිංහ සහ අම්බලන්ගොඩ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂිකා අනුරුද්ධිකා කළහෙවත්ත මහත්මීන්ගේ සහභාගිත්වයෙන් තරගයේ ජය සංකේත ප්‍රදානෝත්සවය සිදු කෙරිණි. දේවපතිරාජ විද්‍යාලයේ විදුහල්පතිනි කෝකිලා මෙන්ඩිස් මහත්මිය සහ පී. ද එස්. කුලරත්න විද්‍යාලයේ විදුහල්පති ජගත් සේනාරත්න මහතා ද මේ අවස්ථාවට එක්ව සිටියහ.

පී.ද එස්. කුලරත්න පළමු ඉනිම – 189 (ඕවර 78) සසිඳු කෞෂාන් 55, ළකිඳු තිහංස 28, භානු අනුත්තර 24 (ගිම්හාන් රසාංජන 68/5, ඔෂේන් කල්හාර 27/4) සහ දෙවැනි ඉනිම – 162 (ඕවර 66.5) යසිරු අභිෂේක් 95, සසිඳු කෞශාන් 21 (පුල්ජිත් වත්සුක 8/2, ගිම්හාන් රසාංජන 44/2, සඳරු මල්ෂාන් 48/2)

දේවපතිරාජ පළමු ඉනිම – 297 (ඕවර 75.3) යසිරු ලක්ෂාන් 153, දර්ශක සංදීප් 26, පින්සර දුතාංග 23 (යසිරු අභිෂේක් 66/3, ගිම්හාන් හිමසර 44/2, සඳරු මල්ෂාන් 48/2) සහ දෙවැනි ඉනිම – 57/3 (ඕවර 13.4) චමිඳු පත්මික නොදැවී 20 (ජනිඳු චාමික 26/2)

ඉෂානි යද්දෙහි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here