Home World News Room : සෝවියට් රුසියාව යැවූ චන්ද්‍රිකාව වසර 53කට පසු ඉන්දුනීසියා මුහුදට...

News Room : සෝවියට් රුසියාව යැවූ චන්ද්‍රිකාව වසර 53කට පසු ඉන්දුනීසියා මුහුදට කඩා වැටෙයි

0
0

මීට වසර 53කට පෙර එවකට සෝවියට් රුසියාවෙන් අභ්‍යවකාශයට යවනු ලැබූ කොස්මොස් චන්ද්‍රිකාව පෙරේදා (10) ඉන්දුනීසියාවේ බටහිර ජකර්තා මුහුදු තීරයට කඩා වැටුණු බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

අක්‍රීය වූ සෝවියට් චන්ද්‍රිකාවක් ඉදිරියේදී පෘථිවි වායුගෝලයට පාලනයකින් තොරව ඇතුළුවීමේ අවදානමක් මතු වී ඇතැයි නෙදර්ලන්තයේ චන්ද්‍රිකා නිරීක්ෂණ මධ්‍යස්ථානයක පර්යේෂකයන් මීට සති දෙකකට පෙර අනතුරු අඟවා තිබූ අතර, එය පෘථිවියට කඩා වැටෙන ස්ථානය හෝ කලාපය නිරීක්ෂණය නොවන බව ප්‍රකාශ කිරීමෙන් ජාත්‍යන්තරයේ දැඩි අවධානයක් යොමුවී තිබිණි. රුසියාවේ අභ්‍යවකාශ මධ්‍යස්ථානය සඳහන් කර ඇත්තේ කිසිදු ජීවිත හෝ දේපළ හානියකින් තොරව එය පෙරේදා ඉන්දීය වේලාවෙන් උදෑසන 11.54ට පමණ මහමුහුදට කඩා වැටුණු බවය.

1972 දී එවකට සෝවියට් රුසියාව විසින් ගුවන්ගත කරනු ලැබූ කොස්මොස් 482 නැමැති අභ්‍යවකාශයානයෙන් මිදී සිකුරු ග්‍රහයා වෙත පියාසර කිරීමට නියමිතව තිබූ එම චන්ද්‍රිකාව කාර්මික දෝෂයක් හේතුවෙන් අක්‍රිය වූ බවත්, පසුගිය වසර 50කට අධික කාලයක් පුරා පෘථිවිය වටා කක්ෂගත වී තිබූ බවත් නෙදර්ලන්ත පර්යේෂකයන් පසුගියදා සඳහන් කර තිබූ අතර, මැයි මස 8 සහ 11 අතර කාලය තුළ පෘථිවියට ඇතුළුවනු ඇතැයි අනුමාන කළ බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි. එම චන්ද්‍රිකාව පෘථිවියට කඩා වැටීමෙන් සිදුවිය හැකි ඕනෑම හානියකට රුසියානු රජය වගකිවයුතු බව හාවර්ඩ් විශ්වවිද්‍යාලයේ තාරකා හා භෞතික විද්‍යාඥ ජොනතන් මැක්ඩොවෙල් ප්‍රකාශ කර තිබූ බව ද වාර්තා වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here