Home World News Room : සෙලෙන්ස්කි මුහුණට මුහුණ හමුවෙන්න පුටින්ගෙන් යෝජනාවක්

News Room : සෙලෙන්ස්කි මුහුණට මුහුණ හමුවෙන්න පුටින්ගෙන් යෝජනාවක්

0
0

 

යුක්රේන ජනාධිපති වොලොදිමිර් සෙලෙන්ස්කි සමඟ සෘජු සාකච්ඡාවකට රුසියානු ජනාධිපති ව්ලැදිමිර් පුටින් කැමැත්ත පළ කළ බව රුසියාවේ ටාස් පුවත් සේවය වාර්තා කළේය. යුක්රේන අර්බුදයට සාමකාමී විසඳුම් සොයා ගැනීම රුසියානු ජනාධීපතිවරයාගේ සැබෑ අපේක්ෂාව වී ඇතැයි එරට ජනාධිපතිවරයාගේ ප්‍රකාශක දිමිත්‍රි පෙස්කොව් ප්‍රකාශ කළ බව ද ටාස් පුවත් සේවය වැඩිදුරටත් වාර්තා කළේය.

සාමය ළඟාකරගත හැකිවන්නේ සැබෑ සාකච්ඡාවකින් බවට පුටින් තරයේම විශ්වාස කරන බවත්, ඔහුගේ සාම සාකච්ඡා යෝජනාව 2022 දී යුක්රේනය විසින් ඉවත දැමූ බවත් රුසියානු ජනාධීපතිවරයාගේ ප්‍රකාශකයා සඳහන් කළ බව වාර්තා වේ.

මේ අතර ඕනෑම ආකාරයක සාකච්ඡාවක් සඳහා රුසියානු ජනාධිපතිවරයා හමුවීමට යුක්රේන ජනාධිපති සෙලෙන්ස්කි ද එකඟතාව පළ කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. දෙරට අතර සාම සාකච්ඡා කඩිනම් කිරිමේ අරමුණින් පසුගියදා බ්‍රිතාන්‍ය, ජර්මානු, ප්‍රංශ, පෝලන්ත ඇතුළු යුරෝපීය රාජ්‍ය නායකයන් යුක්රේන ජනාධිපතිවරයා මුණගැසුණු බවද වාර්තා වේ.

The post සෙලෙන්ස්කි මුහුණට මුහුණ හමුවෙන්න පුටින්ගෙන් යෝජනාවක් appeared first on දිනමිණ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here