Home World News Room : පාකිස්තානය සිවිල් ගුවන්යානා පළිහක් ලෙස භාවිත කරන බවට ඉන්දියාවෙන්...

News Room : පාකිස්තානය සිවිල් ගුවන්යානා පළිහක් ලෙස භාවිත කරන බවට ඉන්දියාවෙන් චෝදනා

0
0

සින්දූර් මෙහෙයුම සිදු කළ දිනයේදීම පස්වරුවේ පාකිස්තාන හමුදාව ඉන්දියාවේ ජම්මු කාශ්මීර් ප්‍රාන්තය ඉලක්ක කරමින් එල්ල කළ මිසයිල මෙහෙයුමෙන් පසු සිවිල් ගුවන්යානා, පළිහක් ලෙස භාවිත කිරීමේ අරමුණින් සිය ගුවන් සීමාව විවෘතව තැබීමට කටයුතු කර ඇතැයි ඉන්දියාව චෝදනා කළ බව ට්‍රිබියුන් ඉන්ඩියා පුවත් සේවය වාර්තා කළේය.

පාකිස්තානය වුවමනාවෙන්ම එම පියවර ගෙන ඇත්තේ ඉන්දියාවෙන් එල්ල විය හැකි ගුවන් ප්‍රහාරයකදී සිවිල් ගුවන්යානා අවදානමකට ලක් කිරීමට බව සින්දූර් මෙහෙයුම සම්බන්ධව ජාත්‍යන්තරය දැනුම්වත් කළ මාධ්‍ය හමුවේදී ඉන්දීය ගුවන් හමුදාවේ ප්‍රකාශිකා වින්ග් කමාන්ඩර් වෝමිකා සිං සඳහන් කළ බව ට්‍රිබියුන් ඉන්ඩියා පුවත් සේවය වැඩිදුරටත් වාර්තා කළේය.

සිවිල් ගුවන්යානාවල ආරක්ෂාව සහතික කරමින් පාකිස්තානය සමඟ ගැටුම් ආරම්භ වීමටත් පෙර සිය ගුවන් සීමාව වසා දැමීමට ඉන්දියාව පියවර ගත් බවත්, ජාත්‍යන්තර සිවිල් ගුවන්යානාවල ආරක්ෂාව එමඟින් සහතික කළ බවත් ඉන්දීය ගුවන් හමුදාවේ ප්‍රකාශිකා වින්ග් කමාන්ඩර් වෝමිකා සිං මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කළ බව ට්‍රිබියුන් ඉන්ඩියා පුවත් සේවය සඳහන් කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here