10
ත්‍රස්තවාදයට එරෙහි සටනේදී නේපාලය සියලු සහයෝගය ලබාදෙන බවට නේපාල විදේශ අමාත්‍යාංශය ප්‍රකාශ කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ජම්මු කාශ්මීරයේ ත්‍රස්ත ප්‍රහාරයට ප්‍රතිචාර දක්වමින් ඉන්දියාව විසින් සිදු කරනු ලැබු සින්දූර් මෙහෙයුමෙන් පසුව නිවේදනයක් නිකුත් කරමින් නේපාල විදේශ අමාත්‍යාංශය මේ බව ප්‍රකාශ කර ඇතැයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි. ත්‍රස්තවාදයට එරෙහි සටනේදී සියලුදෙනා සමඟ නේපාලය එක්වන බවත්, කිසිදු සතුරු බලවේගයකට සිය අසල්වාසී රටවලට එරෙහිව නේපාල භූමිය භාවිත කිරීමට ඉඩ නොදෙන බවත් එරට විදේශ අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ සඳහන් වන බව වාර්තා වේ. කෙසේ වුවද ඉන්දියාව සහ පාකිස්තානය අතර උද්ගත වී ඇති යුදමය තත්ත්වය නේපාලයේ කනස්සල්ලට හේතුවී ඇතැයි ද විදෙස් මාධ්‍ය සඳහන් කරයි.
පසුගිය අප්‍රේල් මාසයේ 22 වැනිදා ජම්මු කාශ්මීරයේ පැහැල්ගාම් ප්‍රදේශයේ සිදුවූ ත්‍රස්ත ප්‍රහාරයෙන් ජීවිත අහිමිවූ සංචාරකයන් අතර නේපාල ජාතිකයකු ද සිටි අතර, එම ප්‍රහාරය හෙළා දකිමින් ජීවිත අහිමිවූවන්ගේ පවුල්වල සාමාජිකයන්ට සිය ශෝකය පළ කරන බවද එම නිවේදනයේ සඳහන් කර ඇතැයි වාර්තා වේ.