ඩී.එස්. සේනානායක විද්‍යාලයීය සංචිතය: ඉදිරි පෙළ (වමේ සිට) – කපිල මුණසිංහ (අභ්‍යාසක), ඩිලන් රාමනායක (ප්‍රධාන පුහුණුකරු), වසන්ත කාලීකොටුව (ක්‍රීඩා පරිපාලක), ඉසුරු ලියනගේ (සහකාර විදුහල්පති-ක්‍රීඩා), මලිත පෙරේරා (නායක), සම්පත් වේරගොඩ (විදුහල්පති), ඩිලාෂ් කුමාරනායක (උප නායක), ලසන්ත විතාරණ (සභාපති, ආදි ශිෂ්‍ය සංගමය), වජිර අබේවික්‍රම (ක්‍රිකට් භාර ආචාර්ය), කීර්ති ගුණරත්න (ජ්‍යෙෂ්ඨ ප්‍රධාන පුහුණුකරු), ධනුෂ්ක චතුරංග (සහාය පුහුණුකරු), පසු පෙළ – බිහාන් ගමගේ, පමුල ලොකුලියන, සොහාන් යාපා, අනුහස් ධර්මවර්ධන, ඔමල්ක හපුආරච්චි, සෙනාර දිලිප්, කිරාන් පෙරේරා, රන්දීෂ බණ්ඩාරනායක, චනුල් අතලේ, දැහැම් නිර්මාල්, නිශල් තඹවිට, යෝසිත් හෙට්ටිආරච්චි, ලුදීෂ පතීරණ, චතුම් බැද්දගේ, ශනාල් බිනුෂ්ක, සංජුල දුලාජ්, අමාඩ් අෆ්ඩාල්, ලබීබ් නුස්ලී, ජනිදු ඩිනාල්.
කොළඹ මහානාම විද්‍යාලයීය සංචිතය: ඉදිරි පෙළ (වමේ සිට) – අශාන් ප්‍රියන්ජන් (ප්‍රධාන පුහුණුකරු), උත්පල පීරිස් (මහානාම ක්‍රිකට් සභාපති), ජයන්තා බණ්ඩාර (ක්‍රීඩා පරිපාලිකා), සඳමාලි බණ්ඩාර (නියෝජ්‍ය විදුහල්පති), අනුක විජේවර්ධන (නායක), ප්‍රභාත් විතානගේ (විදුහල්පති), දුල්නිත් සිගේරා, ලෙනාඩ් කරුණාරත්න (ප්‍රධාන විධායක නිලධාරී), චතුර නිශ්ශංක (ක්‍රීඩා උප සභාපති), අකිල රාජපක්ෂ (ක්‍රිකට් භාර ආචාර්ය), රොෂාන් බණ්ඩාර (ක්‍රිකට් භාර ආචාර්ය), පසු පෙළ – සනුල් වීරරත්න, විමාෂ් මදනායක, වෙනුර කවීත්‍ර, තවිරු පෙරේරා, සිනෙත් වීරරත්න, කෞශික තිලකරත්න, ගීත් සඳරුවන්, චාමික හීනටිගල, එෂාන් විතානගේ, සිතුම් විහඟ, නදිල් නෙත්මිර, මිගාර රණසිංහ, ගිමන්ත දිසානායක, සනුක ගනේපොල, දුල්නෙත් අල්ගෙවත්ත, උදේන් රාජපක්ෂ, දෙනෙත් ගුණතිලක, ඔසඳ මුතුගම.
5
කොළඹ ඩී.එස්. සේනානායක සහ මහානාම විදුහල් අතර 19 වැනි ‘රන් සටන’ වාර්ෂික මහා ක්‍රිකට් තරගය අද (9) කොළඹ එස්එස්සී ක්‍රීඩාංගණයේදී ආරම්භ වේ.
ජාතික ක්‍රිකට් පිලට මෙන්ම දේශීය ක්‍රිකට් පිටියට ක්‍රීඩකයින් රැසක් දායාද කළ මේ දෙවිදුහල් අතර මහා ක්‍රිකට් තරගය මේ දක්වා දෙදින තරගයක් ලෙස පැවති අතර, මෙවර තරගයේ සිට තෙදින තරගයක් ලෙසින් පැවැත්වෙනු ඇත.
ඩී.එස්.සේනානායක විද්‍යාලය මේ මහා ක්‍රිකට් තරග ඉතිහාසයේ තරගයක් ජය ගනිමින් 1 – 0ක් ලෙස පෙරමුණ ගෙන සිටී. ශ්‍රී ලංකා විස්සයි20 කණ්ඩායම නියෝජනය කරන බිනුර ප්‍රනාන්දුගේ නායකත්වය යටතේ ඩී.එස්. සේනානායක විද්‍යාලය 2014 වසරේදී ඉතිහාසයේ එකම මහා තරගය ජයග්‍රහණය කළේය. මහානාම පිලට මෙතෙක් කිසිදු ජයග්‍රහණයක් වාර්තා කිරීමට නොහැකි විය.
මලිත පෙරේරා මෙවර තරගයේදී කොළඹ ඩී.එස්. සේනානායක විද්‍යාල පිල මෙහෙයවනු ලබන අතර, අනුක විජේවර්ධන කොළඹ මහානාම විද්‍යාල පිල මෙහෙයවයි.
මේ තරගයට සමගාමීව සංවිධාන කරන ‘අරවින්ද ද සිල්වා අභියෝගතා කුසලානය’ සඳහා වන එක්දින ක්‍රිකට් තරගය මේ මස 18 වන දින එස්එස්සී ක්‍රීඩාංගණයේදීම පැවැත්වීමට නියමිතය.