Home Politics News Room : අධිකරණ ශාලා තුළ දුරකතන – තාක්ෂණික උපකරණ භාවිතය ගැන ප්‍රශ්න...

News Room : අධිකරණ ශාලා තුළ දුරකතන – තාක්ෂණික උපකරණ භාවිතය ගැන ප්‍රශ්න තිබෙනවා

0
0

අධිකරණ ශාලා තුළ දුරකතන ඇතුළු තාක්ෂණික උපකරණ භාවිතය ගැන යම් යම් ප්‍රශ්න තිබෙන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ චිත්‍රාල් ප්‍රනාන්දු මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (08) පැවසීය.

එහිදී ඒ මහතා මෙසේද පැවසීය.

අධිකරණ ශාලාවක් තුළ දුරකතනයක් නාදවීමක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කරලා, යම් ප්‍රශ්නයක් නිසා ඒ පුද්ගලයා මිය ගියා. අධිකරණයක් තුළ දුරකතනයක් නාද වෙන එක සුදුසු නෑ. ඒත් මම දැකලා තියෙනවා අධිකරණ ශාලාවක් ඇතුළේ නීතිඥයන්ට දුරකතනයක් විතරක් නොවෙයි ටැබ් එකක්, ලැප්ටොප් පරිගණකයක් පාවිච්චි කිරීමේ ප්‍රශ්න ඇති වන යම් යම් අධිකරණ ශාලාත් තියෙනවා. තාක්ෂණය දිහා බලන විදියේ යම් ප්‍රශ්නයක් තිබෙනවා කියලා මට හිතෙනවා. ඒ සම්බන්ධයෙන් මොකක්ද කරන්නේ?

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here