Home Politics News Room : අධිකරණයක් තුළ දුරකතනයක් නාද වීමෙන් පුද්ගලයකු සිරගත කිරීම බරපතළ සිදුවීමක්

News Room : අධිකරණයක් තුළ දුරකතනයක් නාද වීමෙන් පුද්ගලයකු සිරගත කිරීම බරපතළ සිදුවීමක්

0
0

අධිකරණයක් තුළ දුරකතනයක් නාදවීම සම්බන්ධයෙන් පුද්ගලයකු සිරගත කිරීම බරපතළ සිදුවීමක් බවත්, මේ පිළිබඳව අධිකරණ සේවා කොමිෂන් සභාව සමඟ සාකච්ඡා කරන බව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා ඇමැති නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (08) ප්‍රකාශ කළේය.

ඇමැති හර්ෂණ නානායක්කාර මහතා මේ බව සඳහන් කළේ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ චිත්‍රාල් ප්‍රනාන්දු මහතා ඉදිරිපත් කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමිනි.

තවදුරටත් ඇමැතිවරයා මෙසේද පැවසිය.

එමෙන්ම අදාළ පුද්ගලයා සිරගත කිරීමෙන් පසු ජීවිතක්ෂයට පත්වීමේ සිදුවීම සම්බන්ධයෙන් මේ වන විට විමර්ශනයක් සිදු කරනවා. මේ අතර අධිකරණ පරිශ්‍රය තුළ නීතිඥවරුන්ට දුරකතන, ලැප්ටෝප් පරිගණක භාවිතයේදී මතුවන ගැටලු සම්බන්ධයෙන් අධිකරණ සේවා කොමිෂන් සභාවට ලිපියක් යොමු කර තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here