16
රත්ගම දේවපතිරාජ සංචිතය: ඉදිරි පෙළ (වමේ සිට) – රංජිත් කුඹලාතර (ක්‍රිකට් භාර ආචාර්ය), රංජන් ලසන්ත (පුහුණුකරු), මතීෂ සාරංග (නායක), කෝකිලා මෙන්ඩිස් (විදුහල්පතිනිය), දර්ශක සංදීප් (උප නායක), ලීලාරත්න විමලකීර්ති (ක්‍රිකට් භාර ආචාර්ය), චාරුකා ගුණතිලක (කනිෂ්ඨ ක්‍රිකට් භාර ආචාරිනී), පසු පෙළ – දියත් සංජිත, අධීෂ ගෞතම්, ඔෂෙන් කල්හාර, සඳරු මල්ෂාන්, අරෝෂ සිතුමිණ, ලිනුවර සත්විඳු, යසිරු ලක්ෂාන්, චමිඳු පද්මික, විහඟ ඉඳුසර, ගිම්හාන් රසාංජන, හර්ෂ මධුසංක, නිකේෂ් ළසිඳු, පුල්ජිත් වත්සුක,නෙතුෂ නිර්මාල්, පින්සර දුතාංග.
අම්බලන්ගොඩ අධ්‍යාපන කලාපයට අයත් පාසල් ද්විත්වයක් වන රත්ගම දේවපතිරාජ විද්‍යාලය සහ අම්බලන්ගොඩ පී. ද එස්. කුලරත්න විද්‍යාලය අතර 4 වැනි ‘රණශූරයන්ගේ සටන’ වාර්ෂික මහා ක්‍රිකට් තරගය අද (8) සිට තෙදිනක් ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.
මේ මහා ක්‍රිකට් තරගය 2022 වසරේදී ආරම්භ වූ අතර, පසුගිය තරග 3ම අම්බලන්ගොඩ නගර සභා පිටියේදී දෙදින තරග ලෙස පැවැත්විණි. එම තරග 3ම ජය පරාජයෙන් තොරව නිමාවී තිබේ. මෙවර තරගය පළමු වරට තෙදින තරගයක් ලෙසින් මෙන්ම ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පළමු වරට පැවැත්වීමත් ද විශේෂ සිදුවීමකි. මෙවර තරගය දේවපතිරාජ විද්‍යාලයේ සත්කාරකත්වයෙන් පැවැත්වේ.
මේ තරගයේදී මතීෂ සාරංග විසින් රත්ගම දේවපතිරාජ විද්‍යාල පිල මෙහෙයවන අතර, පී. ද එස්. කුලරත්න විද්‍යාල පිල මෙහෙයවීමේ වගකීම සසිඳු කෞශාන් වෙත පැවරී ඇත.