Home Sport News Room : යුපුන් වසර පහ­කට පසු ශ්‍රී ලංකාව වෙනු­වෙන් සහාය දිවීමේ...

News Room : යුපුන් වසර පහ­කට පසු ශ්‍රී ලංකාව වෙනු­වෙන් සහාය දිවීමේ තර­ග­ය­කට

0
0

ඔලි­ම්පික් ක්‍රීඩක යුපුන් අබේ­කෝන් වසර පහ­කට පසු ශ්‍රී ලංකාව වෙනු­වෙන් සහාය දිවීමේ තර­ග­ය­කට සහ­භා­ගි­වීම උදෙසා ඉතා­ලියේ සිට අද ඩුබායි වෙත පැමිණේ. ඩුබායි ක්‍රීඩා සංකී­ර්ණ­යේදී හෙට (9) පැවැ­ත්වෙන ඩුබායි  ග්‍රෝන් ප්‍රී මලල ක්‍රීඩා තර­ගා­ව­ලි­යේදී ඔහු සමඟ ජාතික ශූර චමෝද් යෝධ­සිංහ ඇතුළු දේශීය මලල ක්‍රීඩාවේ ඉහ­ළම කෙටි දුර ධාවන ක්‍රීඩ­කයෝ මේ මීටර් 100 සහාය දිවීමේ තර­ග­යට එක් වෙති.

ශ්‍රී ලංකා සහාය දිවීමේ කණ්ඩා­ය­මට යුපුන් අබේ­කෝන්, චමෝද් යෝධ­සිංහ, මෙරන් විජේ­සිංහ, දෙ‍නෙත් වීර­රත්න හා චමෝද් දිසා­නා­යක යන ක්‍රීඩ­කයෝ සහ­භාගි වෙති. මීටර් 100 ඉසව්ව තත්පර දහ­ය­කට අඩු කාල­යක් වාර්තා කළ එකම දකුණු ආසි­යා­ති­කයා වන යුපුන් අබේ­කෝන් 2019 සිට ශ්‍රී ලංකාව වෙනු­වෙන් සහාය දිවීමේ තර­ග­ය­කට සහ­භාගි වී නැත. 2019දී කත්මණ්ඩු නුවර පැවති දකුණු ආසි­යානු ක්‍රීඩා උලෙ‍ළේදී තත්පර 39.14ක කාල­ය­කින් රන් පද­ක්කම දිනා­ගත් ශ්‍රී ලංකා සහාය දිවීමේ කණ්ඩා­යමේ සාමා­ජි­ක­යෙක් වූ යුපුන් 2022දී බර්මි­න්හැම් පොදු රාජ්‍ය මණ්ඩ­ලීය ක්‍රීඩා උලෙ‍ළේදී තත්පර 10.14කින් ලෝකඩ පද­ක්කම දිනා ගත්තේය.

එම පොදු රාජ්‍ය මණ්ඩ­ලීය ක්‍රීඩා උලෙ‍ළින් පසු ශ්‍රී ලංකා කණ්ඩා­යම සමඟ යුපුන් අබේ­කෝන් තව­මත් මීටර් 100 ඉස­ව්ව­කට සහ­භාගි වී නැති අතර, ඔහු ඩුබායි ග්‍රෝන් ප්‍රී මලල ක්‍රීඩා තර­ගා­ව­ලි­යෙන් අන­තු­රුව මේ මස අගදී දකුණු කොරි­යාවේ පැවැ­ත්වෙන ආසි­යානු මලල ක්‍රීඩා ශූර­තා­ව­ලි­යට ද තෝරා­ගෙන ඇත.

මේ අතර, අනිද්දා (10) චීනයේ ගුවැ­න්ෂුහි පැවැ­ත්වෙන ලෝක සහාය දිවීමේ තර­ගා­ව­ලිය වෙනු‍වෙන් මීටර් 400 මිශ්‍ර සහාය දිවීමේ ඉසව් කාලිංග කුමා­රගේ, අරුණ දර්ශන, සදෙව් රාජ­ක­රුණා, නිෂේන්ද්‍ර ප්‍රනාන්දු, සයුරි මෙන්ඩිස් සහ නදීෂා රාම­නා­යක යන ක්‍රීඩක ක්‍රීඩි­කා­වන් හය දෙනෙ­කු­ගෙන් යුත් කණ්ඩා­ය­මක් අද ශ්‍රී ලංකා­වෙන් පිටත්ව යනු ඇත.

කඩුලු පැනීමේ ක්‍රීඩක නදුන් බණ්ඩාර සහ දුර පැනීමේ ක්‍රීඩක සම්පත් මිරැන්ඩා චීනයේ චොංකිංහි පැවැ­ත්වෙන 3 වන ආරා­ධිත මලල ක්‍රීඩා ශූර­තා­ව­ලි­යට තරග කිරීම වෙනු­වෙන් මේ 11 වැනිදා චීනය බලා පිට­ත්වී­මට සූදා­නම් වේ.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here