Home Politics News Room : ජන­ම­ත­යට හිස නමනවා: අපෙන් ඈත් වූ අය එකතු කර­ගෙන...

News Room : ජන­ම­ත­යට හිස නමනවා: අපෙන් ඈත් වූ අය එකතු කර­ගෙන ගම­නක් යනවා

0
0

පළාත් පාලන මැති­ව­ර­ණයේ ජය පැර­දුම කෙසේ වුවත් ජන­ම­ත­යට හිස නමන බව ශ්‍රී ලංකා පොදු­ජන පෙර­මුණේ ජාතික සංවි­ධා­යක සහ පාර්ලි­මේන්තු මන්ත්‍රී නාමල් රාජ­පක්ෂ මහතා ප්‍රකාශ කළේය.

මාධ්‍ය වෙත විශේෂ ප්‍රකා­ශ­යක් කර­මින් මන්ත්‍රී­ව­රයා ඊයේ (07) මේ බව සඳ­හන් කළේය.

මෙවර මැති­ව­ර­ණයේ ද වග­කිව යුතු දේශ­පා­ලන පක්ෂ­යක් සහ කණ්ඩා­ය­මක් ලෙස ජන­ම­තය පිළි­බඳ අව­බෝ­ධ­යෙන් පසු­වන බව කී ඒ මහතා ජන­තා­වගේ අව­ශ්‍ය­තා­වන් සහ ජන­ම­තය නිසි­යා­කා­රව කියවා ගැනීම සහ ස්ථාවර ප්‍රාදේ­ශීය සභා­වක් පිහි­ටු­වන්න අවශ්‍ය ක්‍රියා­දා­මය කුමක්ද යන්න පිළි­බ­ඳව සොයා බලන බව ද කීවේය.

එහිදී වැඩි­දු­ර­ටත් නාමල් රාජ­පක්ෂ මහතා මෙසේද පැව­සීය.

Òපක්ෂ­යක් විදි­යට අපි ලොකු අභි­යෝ­ග­ව­ලට මුහුණ දුන්නා. ඒ අභි­යෝ­ග­ව­ලට සාර්ථක ලෙස මුහුණ දුන්නා. ජනා­ධි­ප­ති­ව­ර­ණයේ දී අපට අපේ­ක්ෂ­ක­යන් හිටියේ නැහැ. නමුත් අපි කඳ­වුර ආරක්ෂා කළා. එහි ප්‍රති­ඵ­ල­යක් විදි­යට අද අපට ප්‍රාදේ­ශීය සභා 270ට වැඩි ප්‍රමා­ණ­ය­කට තරග කරන්න පක්ෂ­යක් ඉතිරි වුණා.ඒ තුළ පසු­ගිය කාලයේ සිදු වූ අඩු­පාඩු හඳු­නා­ගෙන පක්ෂ­යක් ලෙස නවී­ක­ර­ණය වුණා. අපට පක්ෂ­යට ඔබින ප්‍රති­පත්ති ආරක්ෂා කරන ගමන් නවී­ක­ර­ණය කරන්න පිය­වර ගත්තා. මෙවර මැති­ව­ර­ණ­යට අපි ඉදි­රි­පත් වුණා. මැති­ව­රණ ක්‍රම­වේ­ද­ය­ටත් එහාට ගොස් අපේ තරුණ නියෝ­ජ­නය ඉහළ දැම්මා. ශ්‍රී ලංකා පොදු­ජන පෙර­මුණ නූතන පර­ම්ප­රාවේ දේශ­පා­ලන පක්ෂ­යක් ලෙස පරි­ව­ර්ත­නය කර තිබෙ­නවා. ඒවා තමයි මහින්ද රාජ­පක්ෂ මහතා මේ රටට කළ වැඩ. එදා තිබුණු දැක්ම සහ දර්ශ­නය සමඟ ගොඩ­නැ­ඟුණු මේ පක්ෂය කුඩා­වට පට­න්ගෙන මේ වන විට මිලි­ය­නයේ කණ්ඩා­යම බවට පත්ව තිබෙ­නවා. ඉදි­රියේ දී ඉතාම සාර්ථ­කව ඕනෑම මැති­ව­ර­ණ­ය­කට මුහුණ දෙන්න අපි සූදා­නම් වෙනවා.

මෙවර මැති­ව­ර­ණ­යට අපේ පක්ෂ­යෙන් අපේ­ක්ෂ­ක­යන් ඉදි­රි­පත් වුණේ විශාල අභි­යෝග මැද. ආණ්ඩු­වෙන් එල්ල වූ අභි­යෝග තිබුණා. ගොඩ­නැ­ඟෙන පක්ෂ­යක් විදි­යට විශාල අභි­යෝග මැද තමයි අපේ­ක්ෂක අපේ­ක්ෂි­කා­වන් ඉදි­රි­පත් වුණේ. ඒ සියලු දෙනාට මගේ ගෞර­වය පිරි­න­ම­නවා. ඒ සියලු දෙනා තාඩන, පීඩන මෙන්ම අභි­යෝග මැද මැති­ව­ර­ණ­යට ඉදි­රි­පත් වුණා. එක්තරා අව­ස්ථා­වක ජනා­ධි­ප­ති­ව­රයා ප්‍රකාශ කර­නවා ඔවුන්ට ඡන්දය දෙන්නේ නැති­නම් බල­යට එන ප්‍රාදේ­ශීය සභා­ව­ලට මුදල් දෙන්නේ නැහැ කියලා. නැති­නම් හිරේ යන්න ලෑස්ති වෙන්න කිය­නවා. තාත්ත­ලාට, පුතා­ලාට පම­ණක් නොව අම්ම­ලා­ටත් වෙන දේ බලා­ගමු කිය­නවා. එවැනි අභි­යෝග තිබිය දී මේ රටේ ජන­තාව අපේ පක්ෂයේ ප්‍රති­පත්ති සහ අපව විශ්වාස කර අපට සාර්ථක ප්‍රති­ඵ­ල­යක් ලබා­දුන්නා.

මේ රටේ රාජ්‍ය යන්ත්‍ර­ණය මැති­ව­ර­ණය මෙහෙ­ය­වීමේ දී විශාල කැප­වී­මක් කළා. ඒ අය­ටත් යම් යම් බල­පෑම් ආවා. අව­සන් මොහොතේ අග­මැ­ති­නි­යත් මැති­ව­රණ නීති උල්ලං­ඝ­නය කර­නවා. මැයි දින­යට පැමිණි බස්රථ අධි­වේගී මාර්ගයේ නැව­තීමේ සිද්ධියේ දී පොලිස් නිල­ධා­රීන්ගේ වැඩ තහ­නම් කර­නවා. ඒක රාජ­කා­රි­යට රාජ්‍ය සේව­යට ලොකු පීඩ­න­යක් වෙනවා.  ආණ්ඩුවේ නොහැ­කි­යාව තහ­වුරු වන විට මේ රටේ ආර්ථි­කය, රට ගොඩ­න­ඟන්න වැඩ­කළ පක්ෂ­යක් විදි­යට ශ්‍රී ලංකා පොදු­ජන පෙර­මුණ පිළි­බ­ඳව ජන­තා­වගේ විශ්වා­සය ගොඩ­නැ­ඟෙ­මින් තිබෙ­නවා. ඒ විශ්වා­සය ගොඩ­නැ­ඟීමේ ආර­ම්භ­යයි. අපෙන් ඈත්වුණු අයට නැවත වරක් ආරා­ධනා කර­නවා අපේ කඳ­වුර සමඟ එකතු වෙන්න කියලා.

සියලු දෙනා ඒක­රාශි කර­ගෙන අපි මේ ගමන යනවා. අපි ප්‍රජා­ත­න්ත්‍ර­වාදී රාමුවේ ඉන්නවා. රාජ­ප­ක්ෂලා නියෝ­ජ­නය කරන්නේ මේ රටට ආද­රය කරන දේශ­පා­ලන කඳ­වු­රයි. අපි කෙරෙහි විශ්වා­සය තබා ඡන්දය දුන් ජන­තා­වගේ විශ්වා­සය පළුඳු කරන්නේ නැහැ. අපෙන් ඈත්වූ අය එකතු කර­ගෙන අපි අපේ ගමන ශක්ති­මත්ව යනවාÓ යැයි පැව­සීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here