15
චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශ සාමාජික, උප අගමැති He Lifeng මහතා මැයි මස 9 වැනිදා සිට 12 වැනිදා දක්වා ස්විට්සර්ලන්තයේ සංචාරය කිරීමට නියමිතය.
එම කාලය තුළ, චීන-ඇමරිකානු ආර්ථික හා වෙළඳ සාකච්ඡා පිළිබඳ චීන ප්‍රධානියා ලෙස උප අගමැති He Lifeng මහතා, ඇමරිකානු ප්‍රධාන සාකච්ඡාකරු වන ඇමරිකානු භාණ්ඩාගාර ලේකම් Scott Bessent මහතා සමඟ සාකච්ඡා පවත්වනු ඇතැයි චීන විදේශ අමාත්‍යංශය ඊයේ(7) ප්‍රකාශ කළේය.
චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශක Lin Jian මහතා පැවසුවේ ඇමරිකාවේ ඉල්ලීම පරිදි සාකච්ඡා පවත්වනු ඇති බවයි. ඇමරිකාවේ අනිසි තීරුබදු පියවර සම්බන්ධයෙන් දැඩි ලෙස විරුද්ධ වන චීනයේ ස්ථාවරයේ කිසිදු වෙනසක් සිදුවී නොමැති බව ඔහු පැවසීය. චීනය සංවාදයට විවෘතයි, නමුත් ඕනෑම සංවාදයක් සමානාත්මතාවය, ගෞරවය සහ අන්‍යෝන්‍ය ප්‍රතිලාභ මත පදනම් ව පැවැත්විය යුතු බව ඔහු අවධාරණය කළේය.