Home World News Room : ඉන්දීය ප්‍රහා­ර­යෙන් පාකි­ස්තාන අග­මැති කෝප වෙයි

News Room : ඉන්දීය ප්‍රහා­ර­යෙන් පාකි­ස්තාන අග­මැති කෝප වෙයි

0
0

ඉන්දීය ප්‍රහා­රක යානා 5ක් බිම හෙළූ බව පාකි­ස්තාන හමු­දා­වෙන් නිවේ­ද­න­යක් 

සිය පාල­නය යටතේ පව­තින කාශ්මීර් කලා­ප­යට ඉන්දි­යා­වෙන් එල්ල වූ ගුවන් ප්‍රහා­ර­යෙන් කුඩා දරු­වකු ඇතුළු සිවිල් වැසි­යන් 26 දෙනකු ජිවි­ත­ක්ෂ­යට පත්වූ බවත්, තවත් 46 දෙනකු තුවාල ලැබූ බවත් පාකි­ස්තාන හමු­දාව ප්‍රකාශ කර ඇතැයි වාර්තා වේ. ඉන්දි­යාවේ ප්‍රහා­ර­යට කඩි­න­මින් ප්‍රති­චාර දක්වන බව­ටද එරට හමු­දාව ප්‍රකාශ කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ජම්මු කාශ්මීර් ප්‍රහා­ර­යට පාකි­ස්තා­නය සම්බ­න්ධව බවට චෝදනා කර­මින් ඉන්දි­යාව පෙරේදා අලු­යම එම ප්‍රහා­ර­යට පැමිණි ඉන්දීය ගුව­න්යානා 5ක් බිම හෙළූ බවත්, ඉන් දෙකක් ඉන්දීය පාල­නය යටතේ පව­තින ජම්මු කාශ්මී­රයේ ගම්මා­න­ව­ලට කඩා වැටුණු බවත් පාකි­ස්තාන හමු­දාව වැඩි­දු­ර­ටත් සඳ­හන් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඉන්දීය ගුවන් ප්‍රහා­ර­යත් සමඟ පාකි­ස්තාන කාශ්මී­ර­යට හදිසි තත්ත්ව­යක් ප්‍රකා­ශ­යට පත් කර ඇති අතර, ඉන්දි­යාවේ ප්‍රහා­රය හෙළා දකින බවට පාකි­ස්තාන අග­මැති ශෙබාස් ෂරිෆ් නිවේ­ද­නය කර ඇතැයි ද වාර්තා වේ. ඉන්දි­යාව විසින් සිදු කළ මේ ගුවන් ප්‍රහා­ර­යට ප්‍රති­චාර දැක්වී­මට පාකි­ස්තා­න­යට අයි­ති­යක් ඇතැයි ද අග­මැ­ති­ව­රයා සඳ­හන් කර තිබේ. ඉන්දීය ප්‍රහා­රය සම්බ­න්ධව සුදුසු ක්‍රියා­මාර්ග ගැනී­මට පාකි­ස්තාන අග­මැ­ති­ව­රයා එරට හමු­දා­වට බලය පැවරූ බව ඊයේ පාකි­ස්තාන අග­මැති කාර්යා­ලය නිවේ­ද­නය කර තිබේ.

 

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here