Home Sport News Room : 19න් පහළ දකුණු ආසියානු පාපන්දු තරගාවලියට ශ්‍රී ලංකා පිල...

News Room : 19න් පහළ දකුණු ආසියානු පාපන්දු තරගාවලියට ශ්‍රී ලංකා පිල නම් කරයි

0
0

දකුණු ආසියානු පාපන්දු සම්මේලනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අවුරුදු 19න් පහළ දකුණු ආසියානු පාපන්දු ශූරතාවලියට එක්වන ශ්‍රී ලංකා කණ්ඩායම නම් කර තිබේ.

මේ සඳහා ක්‍රීඩකයන් 22ක් නම් කර ඇති අතර, කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස ඉම්රාන් මොහොමඩ් මහතා කටයුතු කරයි.

අවුරුදු 19න් පහළ දකුණු ආසියානු ශූරතාවලිය මේ මස 9 වැනිදා සිට 18 වැනිදා දක්වා ඉන්දියාවේ යුපියා ගෝල්ඩන් ජුබිලි ක්‍රීඩා පිටියේදී පැවැත්වෙන අතර, ඊට සත්කාරක ඉන්දියාව සමඟ ශ්‍රී ලංකාව, නේපාලය, භූතානය, බංග්ලාදේශය සහ මාලදිවයින එක්වෙයි.

ශ්‍රී ලංකා අවුරුදු 19න් පහළ පාපන්දු කණ්ඩායම මෙසේය: විජයරත්නම් හාරිස් (සාන්ත ජෝසප්), නඩාල් ඒරන් (ගේට්වේ), මොහොමඩ් අක්‍රම් (ජාවාලේන්), රොයිසන් බ්‍රයිට් (සාන්ත ජෝසප්), අයිඩන් ෆ්‍රැන්සිස් (ගේට්වේ), මොහොමඩ් රිෂ්වාන් (සහිරා), මොහොමඩ් ෂිරාෂ් (සහිරා), හිරුන් මිරාශ (මහින්ද – ගාල්ල), අනූජ පබසර (මහින්ද – ගාල්ල), මොහොමඩ් රිකාෂ් (සහිරා), මොහොමඩ් සිද්ධික් (හමීඩ් අල්හුසෙයිනී), මොහොමඩ් ඉර්ෆාන් (අල් අමීන් – කින්නියා), හුසේන් අබ්දුල්ලා (අල් ෆරාත් – මීගමුව), මොහොමඩ් හුසේන් (හමීඩ් අල්හුසෙයිනි), ෆාරිස් උමාර් (දරුසලම් – මඩකලපුව), මොහොමඩ් කතීන් (සහිරා), ඔනිත් එදිරිසිංහ (ඔස්ට්‍රේලියාව), අබ්දුල්ලා ෆායිස් (එක්සත් අරාබි එමිර්), රෂාඩ් ෂිහාබ් (රාජකීය), සකාරියා සුභාරුල්ලා (එක්සත් අරාබි එමීර්), අනුක් ශනිල් දසනායක (ගේට්වේ), අයිමන් ෂවාහීර් (ඔස්ට්‍රේලියාව).

සංචාරයට එක්වන නිලධාරීන්: රවීන් චතුරංග (ප්‍රධාන කළමනාකරු), ඉම්රාන් මොහොමඩ් (ප්‍රධාන පුහුණුකරු), මොහොමඩ් ෆවුමි (සහාය පුහුණුකරු), ප්‍රියනාත් එදිරිසිංහ (දැල් රැකීමේ පුහුණුකරු), චතුර අකලංක එදිරිසිංහ (කණ්ඩායම් වෛද්‍ය), මනෝජ් දර්ශන (භෞතික චිකිත්සක), ඉස්මයිල් අබ්දුල් (පාසල් පාපන්දු සංගමයේ නියෝජිත), ඇන්තනිගේ රොෂාන් (උපකරණ භාර නිලධාරී), මොහොමඩ් නසාර් (ලීග් නියෝජිත).

වත්තල විශේෂ – ජෝශප් පයස්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here