Home World News Room : ලේඩි ගාගාගේ බ්‍රසීල ප්‍රසං­ග­යට ලක්ෂ 26ක වාර්තා­ගත ජන­කා­යක්

News Room : ලේඩි ගාගාගේ බ්‍රසීල ප්‍රසං­ග­යට ලක්ෂ 26ක වාර්තා­ගත ජන­කා­යක්

0
0

ලෝක ප්‍රකට අමෙරිකානු පොප් ගායිකා ලේඩි ගාගා බ්‍රසීලයේ රියෝද ජැනයිරෝ නුවර නොමිලේ පැවැත්වූ සංගීත ප්‍රසංගය ලොව එතෙක් මෙතෙක් ගායිකාවකගේ සංගීත ප්‍රසංගයකට වැඩිම ජනකායක් සහභාගි වූ අවස්ථාව ලෙස වාර්තාපොතට එක්වූ බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

‘මේහම්‘ නමැති සිය නවතම ගීත ඇල්බමය ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් ලොව පුරා සංගීත චාරිකාවක නිරතවන ලේඩි ගාගා රියෝද ජැනයිරෝ නුවර කෝපාකබානා මුහුදු වෙරළේ පසුගිය 4 වැනිදා පැවැත්වූ සංගීත ප්‍රසංගයට ලක්ෂ 26කට ආසන්න ජනකායක් පැමිණි බවට එම ප්‍රසංගය සංවිධාන කළ ලයිව් නේෂන් සමාගම තහවුරු කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මීට පෙර වැඩිම ජනකායක් එක්වූ ගායිකාවකගේ සංගීත ප්‍රසංගය ලෙස වාර්තාපොතට ඇතුළත් වූයේ පොප් ගායිකා මැඩෝනාගේ සංගීත ප්‍රසංගයක් බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

පසුගිය වසරේ මැයි මස 4 වැනිදාම කෝපාකබානා මුහුදු වෙරළේ පැවැති ඇගේ සංගීත ප්‍රසංගයට ලක්ෂ 16කට ආසන්න සංගීතලෝලීන් පිරිසක් එක්වූ බව වාර්තා වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here