15
ඉන්දීය සන්නද්ධ හමුදා පකිස්තානයේ සහ පකිස්තාන පාලනය යටතේ පවතින ජම්මු සහ කාශ්මීරයේ ස්ථාන 09කට පහර දී ඇතැයි වාර්තවේ.
ඒ අනුව ඉන්දීය රජය නිවේදනයක් නිකුත් කරමින් දැනුම් දී ඇත්තේ “සින්දූර් මෙහෙයුම” දියත් කළ බවයි.
පසුගිය අප්‍රේල් 22 වැනිදා සිවිල් වැසියන් 26 දෙනෙකු ඝාතනය කරන ලද පහල්ගම් ප්‍රහාරයට ප්‍රතිචාර වශයෙන් ඉන්දීය සන්නද්ධ හමුදා මෙම ප්‍රහාරය එල්ල කර ඇති බව සඳහන් වේ.
කාශ්මීරයේ ත්රස්තවාදීන් වෙත එල්ල කළ නිරවද්‍ය ප්‍රහාර බව ඔවුන් පවසා ඇත.
ස්ථාන 9ක් ඉලක්ක කර ගෙන මෙම ප්‍රහාරය එල්ල කර ඇති බව සඳහන් වේ.
කෙසේ නමුත් ස්ථාන තුනකට ප්‍රහාර එල්ල වී ඇති බව පාකිස්තාන හමුදාව සදහන් කර ඇතැයි බීබීසී පුවත් සේවය වාර්තා කර ඇත. ළමුන් දෙදෙනෙකු ඇතුළු හත් දෙනෙකු මිය ගොස් ඇති බව එහි සඳහන් වේ.
සිය හමුදා තීරණය කරන ලද නිසි වේලාවකදී ඊට ප්‍රතිප්‍රහාර දක්වන බව පාකිස්තානය පවසා ඇතැයි ද වාර්තාවේ.