27
කොල්ලකෑම් සම්බන්ධව චෝදනා ලැබූ පලස්තීන ජාතිකයන් 6 දෙනකුට මරණ දඬුවම ලබා දුන් බව හමාස් සංවිධානය නිවේදනය කර ඇතැයි සීඑන්එන් පුවත් සේවය වාර්තා කළේය. ගාසා තීරයේ සටන් විරාමය අවසන්වී ගතවූ මාස දෙකක කාලය පුරා පලස්තීන ජනතාව දැඩි ආහාර හිඟයකට මුහුණ පා සිටින බවත්, එම කාලය තුළ සන්නද්ධ කල්ලි ගාසා තීරයේ ආහාර ඇතුළු අනෙකුත් අත්‍යවශ්‍ය ද්‍රව්‍ය කොල්ලකෑමේ නිරතව සිටින බවත් හමාස් සංවිධානය ප්‍රකාශ කර ඇතැයි සීඑන්එන් පුවත් සේවය වැඩිදුරටත් වාර්තා කළේය. එම සන්නද්ධ කල්ලි කිහිපයක් ඊශ්‍රායලය සමඟ සහයෝගයෙන් කටයුතු කරන බව හඳුනාගෙන ඇතැයි ද, ඉදිරියේදී එවැනි කොල්ලකෑම්වල නිරතවන සියලු පුද්ගලයන්ට එරෙහිව මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇතැයි ද හමාස් සංවිධානය වැඩිදුරටත් නිවේදනය කළ බව සීඑන්එන් පුවත් සේවය සඳහන් කළේය.
ආහාර කොල්ලකෑමේ වරදට හසුවූ තවත් පලස්තීනුවන් 13දෙනකුගේ දෙපාවලට වෙඩි තබමින් දඬුවම් කිරීමට හමාස් සංවිධානය කටයුතු කර ඇති අතර, කොල්ලකරුවන්ට අනතුරු ඇඟවීම් සිදු කර ඇතැයි ද වාර්තා වේ.