Home Sport News Room : වසර 9කට පසු සෙනුකගෙන් බණ්ඩාරනායකයට බොක්සිං රන් පදක්කමක්

News Room : වසර 9කට පසු සෙනුකගෙන් බණ්ඩාරනායකයට බොක්සිං රන් පදක්කමක්

0
0

එල්.වී. ජයවීර අනුස්මරණ කුසලාන අන්තර් පාසල් බොක්සිං තරගාවලියේ කිලෝග්‍රෑම් 46-49 බර පන්තියේ රන් පදක්කම ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ සෙනුක දම්සත් ද සිල්වා තේනුවර විසින් දිනා ගැනීමට සමත් විය.

බොක්සිං ක්‍රීඩාවෙන් ගම්පහ බණ්ඩාරනායක විදුහලට රන් පදක්කමක් හිමි වූයේ වසර 9කට පසුව වීම මෙහි විශේෂත්වයක් වන අතර, අවසන් වරට 2016දී රන් පදක්කමක් හිමිව තිබිණි.

9 ශ්‍රේණියේ ඉගෙනුම ලබන සෙනුක බොක්සිං ක්‍රීඩාවට අමතරව චෙස් ක්‍රීඩාවේදී ද විශිෂ්ට දස්කම් දක්වා ඇත.

ගම්පහ දිස්ත්‍රික් විශේෂ – සිසිල ගුණතිලක

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here