Home World News Room : ඩොනල්ඩ් ට්‍රම්ප් සිනමාවටත් බදු ගසයි

News Room : ඩොනල්ඩ් ට්‍රම්ප් සිනමාවටත් බදු ගසයි

0
0

විදෙස් චිත්‍රපට ආනයනයේදී 100% ක තීරුබදු අය කිරීමට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පියවර ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. හොලිවුඩ් සිනමාව බිඳ වැටෙමින් තිබෙන බවත්, එය ආරක්ෂා කරගැනීමට මේ පියවර ගත් බවත් ජනාධිපතිවරයා සඳහන් කර ඇති අතර, ඒ සඳහා අමෙරිකාවේ වාණිජ හා වෙළෙඳ දෙපාර්තමේන්තුවට බලය පැවරූ බව ද ප්‍රකාශ කර තිබේ.

සිය චිත්‍රපට අමෙරිකාවේ තිරගත කිරීම සඳහා සිනමාකරුවන් සහ නිෂ්පාදන සමාගම් පොළඹවා ගැනීමට විදෙස් රටවල් දැඩි උත්සාහයක නිරතවීම ජාතික ආරක්ෂාවට එල්ල කරනු ලබන තර්ජනයක් ලෙස සලකන බවද ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර ඇතැයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි. ‘අපට අවශ්‍ය වන්නේ අමෙරිකාවේ නිෂ්පාදනය කළ චිත්‍රපටයි‘ ජනාධිපතිවරයා ‘ටෘත්‘ සමාජ මාධ්‍යජාලා ගිණුමේ එසේ සඳහන් කර ඇතැයි ද වාර්තා වේ.

The post ඩොනල්ඩ් ට්‍රම්ප් සිනමාවටත් බදු ගසයි appeared first on දිනමිණ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here