12
චිලී රාජ්‍යයට රික්ටර් මාපකයේ 7.5ක ප්‍රබල භූ කම්පනයක් සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මෙම භූ කම්පනය චිලී සහ ආර්ජන්ටිනාවේ දකුණු වෙරළ තීරයට ආසන්නව සිදුව ඇතැයි එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ ආයතනය පවසයි.
ඒ අනුව එරටට සුනාමි අනතුරු ඇඟවීමක්ද නිකුත් කිරීමට පියවර ගෙන තිබෙන අතර අවදානම් ප්‍රදේශවල ජනතාව ඉන් ඉවත් කිරීමටද බලධාරීන් පියවර ගෙන ඇති බව වාර්තාවේ.
භූමිකම්පාවේ අපිකේන්ද්‍රයේ සිට කිලෝමීටර් 300 ක් ඇතුළත සුනාමි රළ ඇතිවිය හැකි බව එක්සත් ජනපද සුනාමි අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථාන සදහන් කර ඇත.