Home World News Room : අමෙරිකාව පුරා බෙදාහරිනු ලැබූ පාන් වර්ගයක උගුර කැපීයෑමේ අවදානම...

News Room : අමෙරිකාව පුරා බෙදාහරිනු ලැබූ පාන් වර්ගයක උගුර කැපීයෑමේ අවදානම සහිත වීදුරු කැබැලි

0
0

වීදුරු කැබලි තිබිය හැකි බවට අනතුරු අඟවමින් අමෙරිකාව පුරා බෙදාහරිනු ලැබූ පාන් වර්ගයක් නැවත ගෙන්වා ගැනීමට එරට ආහාර හා ඖෂධ පරිපාලන ඒකකය නිවේදනයක් නිකුත් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. අමෙරිකානු බලධාරීන් මේ නිවේදනය නිකුත් කර ඇත්තේ සිය බේකරිය මඟින් නිපදවනු ලබන පාන් වර්ගයකින් වීදුරු කැබලි හමුවූ බවට බේකරි නිෂ්පාදන සමාගමකින් කළ දැනුම් දීමකින් පසුව බවද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි.

එම පාන් වර්ගය මේ වන විටත් කැලිෆෝනියාව, කනෙක්ටිකට්, මේරිලෑන්ඩ්, ඔහියෝ සහ පෙන්සිල්වේනියා වැනි ප්‍රාන්තවල වෙළෙඳසැල් වෙත නැව්ගත කර ඇති අතර, පාරිභෝගිකයන් අතට පත්වීමට පෙර යළි ගෙන්වා ගැනීමට අවශ්‍ය පියවර ගෙන ඇතැයි ද වාර්තා වේ. කිලෝග්‍රෑම් 500ක බරින් යුතු එම පාන් වර්ගයේ උගුර කැපී යන ආකාරයේ ප්‍රමාණයෙන් යුතු වීදුරු කැබලි තිබූ බවට අදාළ බේකරි සමාගමට පැමිණිලි 818ක් ලැබී ඇති බවත් වාර්තා වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here