Home World News Room : දේශසීමාව උල්ලංඝනය කළ ඉන්දීය ඩ්‍රෝන යානයක්

News Room : දේශසීමාව උල්ලංඝනය කළ ඉන්දීය ඩ්‍රෝන යානයක්

0
0

පාකිස්තාන පාලනයේ පවතින කාශ්මීර් කලාපයේ බිම්බර් දිස්ත්‍රික්කයේ ගුවන් සීමාව උල්ලංඝනය කළ ඉන්දීය ඩ්‍රෝන යානයක් පාකිස්තාන හමුදාව මගින් වෙඩි තබා බිම හෙළූ බව එරට ට්‍රිබියුන් පුවත් සේවය වාර්තා කළේය. එම ඩ්‍රෝන යානය ඔත්තු බැලීම සඳහා භාවිත කළ බවට පාකිස්තාන හමුදාව ප්‍රකාශ කර ඇතැයි ද ට්‍රිබියුන් පුවත් සේවය වැඩිදුරටත් වාර්තා කළේය. දේශසීමා ඔත්තු බැලීමේ උත්සාහයක නිරතවීම වැළැක්වීම සඳහා ආරක්ෂක පියවරක් ලෙස ඩ්‍රෝන යානය වෙඩි තබා බිම හෙළූ බව නිවේදනයක් නිකුත් කරමින් පාකිස්තාන යුද හමුදාව ප්‍රකාශ කර ඇති අතර, දේශසීමාව උල්ලංඝනය කරන ඕනෑම ආක්‍රමණශීලී ක්‍රියාවකට එරෙහිව කඩිනමින් ප්‍රතිචාර දැක්වීමට සිය හමුදාව බැඳී සිටින බව එම නිවේදනයේ දැක්වෙන බව ඇතැයි පාකිස්තාන ට්‍රිබියුන් පුවත් සේවය සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here