Home World News Room : ට්‍රම්ප්ගෙන් කැනඩාවේ මාර්ක් කාර්නිට සුබ පැතුම්

News Room : ට්‍රම්ප්ගෙන් කැනඩාවේ මාර්ක් කාර්නිට සුබ පැතුම්

0
0

කැනඩා මහ මැතිවරණයෙන් අගමැති මාර්ක් කාර්නි ලැබූ ජනග්‍රහණයට ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සුබපැතුම් එක් කර තිබේ.

අමෙරිකානු ජනාධිපතිවරයා, කැනඩා අගමැතිවරයාට දුරකථන ඇමතුමක් ලබා දී පවසා ඇත්තේ, නුදුරු දිනකදී ඔහු හමුවන බවයි.

එම දුරකථන සංවාදයේදී කැනඩාව සහ එක්සත් ජනපදය අන්‍යෝන්‍ය අභිවෘද්ධිය සඳහා ස්වාධීන, ස්වෛරී ජාතීන් ලෙස එකට වැඩ කිරීමේ වැදගත්කම අවධාරණය කෙරුණු බව කැනේඩියානු අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනය කර ඇත.

ඉදිරියේදී පැවැත්වෙන නායකයින් දෙපලගේ සාකච්චාවලදී නව ආර්ථික හා ආරක්ෂක සම්බන්ධතාවයක් පිළිබඳ සාකච්ඡාවලට එළඹෙනු ඇතැයි අපේක්ෂා කරන බව දෙරටේ බලධාරීන් අපේක්ෂා කරන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ට්‍රම්ප්ගේ වෙළඳ තීරුබදු සහ ට්‍රුම්ප් විසින් කැනඩාවේ ස්වෛරීභාවයට හානි කරන ප්‍රකාශ වලින් කැනඩාවේ අග්‍රාමාත්‍ය කාර්නිගේ ලිබරල් පක්ෂය ජයග්‍රහණය කරා යාමට එක් හේතුවක්විය.

ඔහු නිරන්තරයෙන් ඇමෙරිකානු ජනාධිපතිවරයාගේ තීරු බදු ප්‍රතිපත්ති විවේචනය කර තිබුණු අතර ඇමෙරිකානු ආනයනික භාණ්ඩ රැසකට සියයට 25ක ප්‍රතිවුර්ද්ද තීරු බදු පනවනු ලැබීය.

කැනේඩියානු පාර්ලිමේන්තු මතිර්වරයෙන් වත්මන් අග්‍රාමාත්‍ය මාර්ක් කාර්නිට ආසන 169 ක් දිනා ගෙන ජයග්‍රහණය හිමි කරගෙන තිබුණි.

ආණ්ඩුවක් ගෙනයෑම සදහා පාර්ලිමේන්තුවේ බහුතර අවශ්‍ය ආසන 172 න් ආසන සංඛ්‍යාවක් අවශ්‍ය වන අතර ලිබරල් පක්ෂයට තවත් පක්ෂක් හෝ පක්ෂ කිහිපයක් සමග සන්ධාන ගතවීමට සිදුවේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here