Home Sport News Room : ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ පෝෂණය සම්බන්ධයෙන් නිසි ක්‍රමවේදයකට උපරිමයෙන් කටයුතු කරනවා

News Room : ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ පෝෂණය සම්බන්ධයෙන් නිසි ක්‍රමවේදයකට උපරිමයෙන් කටයුතු කරනවා

0
0

ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ පෝෂණය සම්බන්ධයෙන් සොයා බලා, නිසි ක්‍රමවේදයකට ඉදිරියේදී හැකි උපරිමයෙන් ක්‍රියාමාර්ග ගැනීමට තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යංශය ලෙස තමා වගබලා ගන්නා බව තරුණ කටයුතු සහ ක්‍රීඩා ඇමැති සුනිල් කුමාර ගමගේ මහතාගේ පවසයි.

ඒ මහතා මේ බව පැවසුවේ තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යංශයේ ඩන්කන් වයිට් ශ්‍රවණාගාරයේදී පැවති ක්‍රීඩා පෝෂණය සම්බන්ධ online පාඨමාලාව අවසන් කළ පිරිසට සහතික පත්‍ර ප්‍රදානය කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.

ශ්‍රී ලංකා වයඹ විශ්වවිද්‍යාලය, ක්‍රීඩා වෛද්‍ය ආයතනය සහ ක්‍රීඩා සංගම් සමඟ ඒකාබද්ධව ක්‍රීඩක ක්‍රීඩකාවන් හා පුහුණුකරුවන් 140ක් ඉලක්ක කර ගනිමින් මේ පාඨමාලාව පැවැත්විණි.

මෙරට ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට පෝෂණ තත්ත්වය සම්බන්ධයෙන් ගැටලු රාශියක් තිබෙන බවත්, ගාල්ල අක්මීමනදීත්, යාපනයේදීත් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගෙන් මූලිකවම අහන්න ලැබුණු ගැටලුවක් වූයේ ඔවුන්ගේ පෝෂණය සඳහා අවශ්‍ය ආහාර නොමැති වීමෙන් ඔවුන් අපහසුතාවයට ලක් වූ ඛේදජනක පුවත් බවත් පැවසූ ඇමැතිවරයා ක්‍රීඩාව ශ්‍රී ලංකාවේ දියුණු තැනකට ගෙන ඒමේ දී, පෝෂණය සම්බන්ධයෙන් දැනුවත් කරන මෙවැනි වැඩසටහන් ක්‍රියාත්මක වීම ඉතා වැදගත් බවත් කියා සිටියේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here