Home World News Room : ඊශ්‍රායල ප්‍රහාර අවසන් කිරීමට පියවර ගන්නැයි හෙස්බුල්ලා නායකයා ලෙබනන්...

News Room : ඊශ්‍රායල ප්‍රහාර අවසන් කිරීමට පියවර ගන්නැයි හෙස්බුල්ලා නායකයා ලෙබනන් රජයෙන් ඉල්ලයි

0
0

ඊශ්‍රායලයෙන් එල්ල වන ප්‍රහාර වැළැක්වීම සඳහා ලෙබනන් රජය ඉදිරිපත් විය යුතු බව එරට ක්‍රියාත්මක වන ඊශ්‍රායල විරෝධී හෙස්බුල්ලා සංවිධානයේ නායක නයිම් කාසිම් ප්‍රකාශ කර ඇතැයි අල් ජසීරා පුවත් සේවය වාර්තා කළේය. ඊශ්‍රායල හමුදාව අප්‍රේල් මාසයේදී පමණක් ලෙබනනයේ ප්‍රහාර 50කට වැඩි ප්‍රමාණයක් සිදුකර ඇතැයි ද, එම ප්‍රහාර අවසන් කිරීමට රජය පියවර ගතයුතුව ඇතැයි ද හෙස්බුල්ලා නායකයා සඳහන් කළ බව අල් ජසීරා පුවත් සේවය වැඩිදුරටත් වාර්තා කළේය.

පසුගිය නොවැම්බරයේදී සටන් විරාමයකට එකඟවීමෙන් පසු තුන්වැනි වරටත් ඊශ්‍රායල හමුදාව බීරුට් අගනුවර දකුණු පළාත ඉලක්ක කරමින් ගුවන් ප්‍රහාර සිදු කර ඇති බවත්, ඊශ්‍රායලය වෙතින් එල්ල වන තර්ජනය සම්බන්ධව මානව හිමිකම් සංවිධානවල අවධානය යොමු වී ඇතැයි ද හෙස්බුල්ලා නායක නයිම් කාසිම් රූපවාහිනී සාකච්ඡාවකට එක්වෙමින් ප්‍රකාශ කළ බව අල් ජසීරා පුවත් සේවය සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here