3
ඉදිරි වසර පහේ ජාතික ජන බලවේගයට රට ඉදිරියට ගෙනයෑමට හැකි බවත්, ජනාධිපති තම පක්ෂයෙන් බිහිවනවා යැයි සිතීම විපක්ෂයේ පිරිස් රෑ දකින සහිනයක් පමණක් බවත් නිවාස නියෝජ්‍ය ඇමැති ටී. බී. සරත් මහතා පැවැසීය.
නියෝජ්‍ය ඇමැතිවරයා මේ අදහස් පළ කළේ මෙවර පළාත් පාලන මැතිවරණයට ජාතික ජන බලවේගයෙන් පොලොන්නරුව ප්‍රාදේශීය සභාවට තරග කරන අපේක්ෂක අපේක්ෂිකාවන්ගේ ජය තහවුරු කිරීම වෙනුවෙන් පෙරේදා (28) පොලොන්නරුව, පලුගස්දමන ප්‍රදේශයේදී පැවති රැස්වීමකට එක් වෙමිනි. එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් නියෝජ්‍ය ඇමැතිවරයා මෙසේ ද පැවැසීය.
“විපක්ෂයේ බොහෝදෙනෙක් කියනවා, අපි කියන්නේ බොරු කියලා. හැබැයි අපි කියනවා, අපි නෙමෙයි බොරු කිවුවේ ඒ අය කියලා. සජිත් ප්‍රේමදාස මහත්තයා කිවුවා, අපි බලයට ආවොත් දළදා පෙරහර නවත්වනවා, නාථ දේවාලෙ පෙරහර නවත්වනවා, මුස්ලිම් අයගේ රැවුල කපනවා කියලා.
ඒවා දැන් එහෙම වෙලා තියෙනවද? අවුරුදු 16කින් පස්සෙ දළදා ප්‍රදර්ශනය තිබ්බේ. පෝලිම වැඩියි, පහසුකම් නෑ, ලක්ෂ ගණනින් දළදා වහන්සේ බලන්න එනවා කියලා එක එක දේවල් කිවුවා. ඒක කොච්චර සාර්ථක වුණාද? ඒ නිසා සජිත් කියපු බොරු වමාරන්න බැරිව ඉන්නවා.
සජිත්ගේ පක්ෂයේ උගතුන් කියලා හිතපු අය එහෙම නෑ කියලා අද ඔප්පු වෙලා තියෙනවා.”
සිරිපුර සමූහ මදුශානි අබේසිංහ