Home World News Room : පාප් වහන්සේගේ අවමංගල පූජෝත්සවයේදී අමෙරිකානු ජනපති සෙලෙන්ස්කි හමුවෙයි

News Room : පාප් වහන්සේගේ අවමංගල පූජෝත්සවයේදී අමෙරිකානු ජනපති සෙලෙන්ස්කි හමුවෙයි

0
0

ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ අවමංගල්‍ය පූජෝත්සවයට සහභාගිවීමට වතිකානයට පැමිණි අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ යුක්රේන ජනාධිපති වොලොදිමිර් සෙලෙන්ස්කි අතර විශේෂ සාකච්ඡාවක් සිදුවී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. අවමංගල්‍ය පූජෝත්සවයට පෙර රාජ්‍ය නායකයන් දෙදෙනා අතර එම සාකච්ඡාව පැවැති බවත්, පසුගිය මාසයේ ධවල මන්දිරයේදී සිදුවූ උණුසුම් කතාබහට පසු රාජ්‍ය නායකයන් දෙදෙනා මුණ ගැසී ඇත්තේ පළමුවරට බවත් විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි. ට්‍රම්ප් – සෙලෙන්ස්කි සාකච්ඡාවේ ඡායාරූප පාප් වහන්සේගේ අවමංගල්‍ය පූජෝත්සවයේ ඡායාරූප හා සමානව සමාජ මාධ්‍යජාලයේ ‘වයිරල්‘වූ බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

ට්‍රම්ප් සහ සෙලෙන්ස්කි අතර මිනිත්තු 15ක සංවාදයක් සිදුවී ඇතැයි ද, එය ඉතා සාර්ථක වී ඇතැයි ද ධවල මන්දිරය ප්‍රකාශ කර ඇති අතර, පසුදින රෝමයෙන් පිට වී ගිය අමෙරිකානු ජනාධිපතිවරයා සිය සමාජ මාධ්‍යජාලා ගිණුමෙහි සටහනක් තබමින් සඳහන් කර ඇත්තේ රුසියානු ජනාධිපතිවරයාට යුද්ධය නිමා කිරීමට අවශ්‍යතාව තිබේනම් යුක්රේනයට ප්‍රහාර එල්ල කිරිමේ හේතුවක් නැති බවය. යුද්ධය ආරම්භ කිරීම සම්බන්ධව මීට පෙර යුක්රේනයට දොස් පැවරූ ඩොනල්ඩ් ට්‍රම්ප් වතිකානයේ සාකච්ඡාවෙන් පසු යුක්රේන ජනපතිවරයාට සහාය පළ කරමින් එම ප්‍රකාශය සිදු කර ඇතැයි ද වාර්තා වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here