Home World News Room : දකුණු ඉරානයේ දැවැන්ත පිපිරීමක් – දිනමිණ

News Room : දකුණු ඉරානයේ දැවැන්ත පිපිරීමක් – දිනමිණ

0
0

දකුණු ඉරානයේ බන්ඩාර් අබ්බාස් හී ෂාහීන් රාජී වරායේ බහාලුම් කිහිපයක දැවැන්ත පිපිරීමක් සිදුව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

මෙම වරාය ප්‍රධාන වශයෙන් තෙල් ටැංකි සහ අනෙකුත් ඛනිජ රසායනික පහසුකම් සපයන වරායක් ලෙසද හැදින්වේ.

සිද්ධියෙන් පුද්ගලයින් 500කට අධික පිරිසක් තුවාල ලබා රෝහල් ගත කර ඇති අතර පිපිරීමේන් වරායට දැඩි ලෙස හානි සිදුව ඇත.

පිපිරීමට හේතුව කුමක්දැයි මෙතෙක් අනාවරණය වී නොමැති අතර ඉරාන රේගු අධිකාරිය පවසා ඇත්තේ පිපිරීමට හේතුව අනතුරුදායක භාණ්ඩ සහ රසායනකික ද්‍රව්‍ය විය හැකි බවය.

තවද සිද්ධියෙන් වරයායේ තොටුපොළක කොටසක් දැඩි ලෙස හානි සිදු වී ඇතැයිද පිපිරීමෙන් හටගත් ගින්න නිවා දැමීම සඳහා ගිනි නිවන කණ්ඩායම් කටයුතු කරමින් සිටින බවත් වාර්තා වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here