Home Sport News Room : ශ්‍රී ලංකා-අයර්ලන්ත ‘ඒ’ අවසන් සටන අද

News Room : ශ්‍රී ලංකා-අයර්ලන්ත ‘ඒ’ අවසන් සටන අද

0
0

ඇෆ්ගනිස්තාන ක්‍රිකට් ආයතනයේ සත්කාරකත්වයෙන් අබුඩාබියේදී පැවැත්වෙන ‘ඒ’ කණ්ඩායම් අතර තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගය අද (25) ශ්‍රී ලංකාව සහ අයර්ලන්තය අතර පැවැත්වේ. තරගය මෙරට වේලාවෙන් පෙරවරු 11.30ට ආරම්භ වීමට නියමිතය. සදීර සමරවික්‍රමගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා ‘ඒ’ පිල තරගාවලියේ අපරාජිතයන් ලෙස මූලික වටයේ තරග 4ම ජය ගනිමින් අවසන් තරගයට පිවිසි අතර, අයර්ලන්ත ‘ඒ’ (-0.652) පිල ඇෆ්ගන් ‘ඒ’ පිලට එරෙහි එක් තරගයක් පමණක් ජය ගනිමින් දළ ලකුණු වේගය මත අවසන් තරගයට එක්විය. ඇෆ්ගන් පිල අයර්ලන්තය එක් තරගයකදී පරාජය කළ ද ඔවුන්ගේ දළ ලකුණු වේගය -0.933ක් වීමෙන් අවසන් තරගය අහිමි වී ගියේය.

මේ තරගාවලියේ මූලික වටයේදී ශ්‍රී ලංකා පිල හමුවේ අයර්ලන්තයට ලකුණු 45කින් සහ කඩුලු 6කින් පරාජයට පත්විය.

මේ තරගාවලියේ ලකුණුලාභීන් අතර දෙවැනි සහ තෙවැනි ස්ථාන හිමි කර ගැනීමට පිළිවෙළින් සදීර සමරවික්‍රම (197) සහ ළහිරු උදාර (160) සමත්ව සිටින අතර, පළමු ස්ථාන ඇෆ්ගන් පිලේ ඩාර්විෂ් රසූලිට (264) හිමිව ඇත. කඩුලුලාභීන් අතර මුල් ස්ථාන 3ම ශ්‍රී ලංකාවට හිමිව තිබේ. එහිදී තරිඳු රත්නායක කඩුලු 9ක්, දුෂාන් හේමන්ත සහ ඩිල්ෂාන් මදුශංක කඩුලු 8 බැඟින් දවා ගැනීමට සමත්ව සිටිති.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here