20
ස්වර්ගස්ථ වූ ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ දේහයට අවසන් ගෞරවය දැක්වීම සඳහා ඊයේ විසිදහසකට අධික බැතිමත්හු වතිකානයට එක්රොක් වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඊයේ උදෑසන කැසා සැන්ටා මර්තාහි දේවස්ථානයේ පැවැති දේව මෙහෙයකින් පසුව පාප් වහන්සේගේ දේහය සාන්ත පීතර බැසිලිකාව වෙත රැගෙන එනු ලැබීය. උන් වහන්සේට අවසන් ගෞරවය පුද කිරීමට දහස් සංඛ්‍යාත බැතිමත්හු පිරිසක් පෙළ ගැසී සිටි බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි. ඊයේ සිට දින තුනක කාලයක් බැතිමතුන්ගේ ගෞරවය පිණිස සාන්ත පීතර බැසිලිකාවේ තැන්පත් කර තැබෙන පාප් වහන්සේගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ලබන සෙනසුරාදා (26) වතිකාන වේලාවෙන් උදෑසන 10.00ට සාන්ත මේරි මැජියෝරි බැසිලිකාවේදී සිදු කිරිමට නියමිතය.