Home World News Room : පාප් වහන්සේගේ අවමංගල්‍ය පූජෝත්සවයට රටවල් රැසකින් ලෝක රාජ්‍ය නායකයෝ...

News Room : පාප් වහන්සේගේ අවමංගල්‍ය පූජෝත්සවයට රටවල් රැසකින් ලෝක රාජ්‍ය නායකයෝ එක්වෙති

0
0

ස්වර්ගස්ථ වූ ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ අවමංගල්‍ය පූජෝත්සවය සඳහා ලොව පුරා රටවල් රැසක රාජ්‍ය නායකයන්, රාජකීයයන්, තානාපතිවරුන් ඇතුළු ප්‍රභූවරුන් විශාල පිරිසක් එක්වීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ලොව පුරා කාඩිනල්වරු, අගරදගුරුවරුන්, බිෂොප්වරුන් ඇතුළු ආගමික පූජකවරුන් සහභාගි වීමට නියමිත අතර, වතිකානයේ කාඩිනල් මණ්ඩලයේ ප්‍රධානි ජියෝවානි බැටිස්ටා කාඩිනල්වරයා විසින් අවසන් දේව මෙහෙය සිදු කිරීමට නියමිත බව වාර්තා වේ.

එම අවස්ථාවට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ජනපති ආර්යාව මෙලනියා, ස්පාඤ්ඤයේ ෆෙලිප් රජු සහ රැජන, බෙල්ජියමේ පිලිප් රජු සහ රැජන සහ ප්‍රංශ ජනාධිපති එමැනුවෙල් මැක්‍රොන් සහභාගි වීමට නියමිතව ඇති අතර, බ්‍රිතාන්‍යයේ චාල්ස් රජු වෙනුවෙන් ඔහුගේ වැඩිමල් පුත්‍රයා වන විලියම් කුමරු වතිකානයට පැමිණීමට නියමිතව තිබේ. මීට අමතරව බ්‍රිතාන්‍ය අගමැති ශ්‍රීමත් කීර් ස්ටාර්මර් ද එම අවස්ථාවට එක්වනු ඇතැයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි. බ්‍රසීල ජනාධිපති ලුයිස් ලූලා ද සිල්වා, පෝලන්ත ජනාධිපති ඇන්ඩ්‍රිස් ඩූඩා, යුරෝපා සංගමයේ සභාපතිනිය උර්සුලා වොන් ඩර් ලේයන්, යුක්රේන ජනාධිපති වොලොදිමිර් සෙලෙන්ස්කි, ආජෙන්ටිනා ජනාධිපති ජේවියර් මිලේයි, ඉතාලි ජනාධිපති සර්ගියෝ මැටරෙලා සහ අගමැතිනිය ජෝර්ජියා මෙලනි ඊයේ වනවිට සිය සහභාගීත්වය තහවුරු කර තිබූ බව ද විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් අන්ටෝනියෝ ගුටාරෙස්, අයර්ලන්ත අගමැති මයිකල් මාටින්, ස්විට්සර්ලන්තයේ ජනාධිපති කරින් කෙලර්, ජර්මනියේ ජනාධිපති ෆ්‍රෑන්ක් වෝල්ටර් සහ චාන්සල් ඔලෙෆ් ෂූල්ස්, ලිතුවේනියා ජනාධිපති ගිටානෙස් නව්සෙඩා, රෝම අන්තර්වාර රජයේ ජනාධිපති අයිලි බොලොජාන්, ග්‍රීසියේ අගමැති කයිරියාකොස් මිට්සොටකිස්, ලැටිවියා ජනාධිපති එඩ්ගාර්ස් රින්කෙවික්ස්, නෙදර්ලන්තයේ අගමැති ඩික් ෂූෆ්, චෙක් රාජ්‍යයේ අගමැති පෙට්රා ෆියාලා, හංගේරියානු ජනාධිපති ටාමස් සුල්යොක්, එස්ටෝනියාවේ ජනාධිපති අලාර් කාරිස්, මොල්ඩෝවා ජනාධිපති මියා සන්දු, එක්වදෝරයේ ජනාධිපති ඩැනියෙල් නොබෝවා, නවසීලන්තයේ අගමැති ක්‍රිස්ටෝපර් ලක්සෝන් සහ පිලිපීනයේ ජනාධිපති ෆර්ඩිනැන්ඩ් මාකෝස් ද පාප් වහන්සේගේ අවමංගල්‍ය පූජෝත්සවයට එක්වන බව තහවුරු කර ඇතැයි වාර්තා වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here