Home Sport News Room : ආණ්ඩුකාර කුසලානය එඩී ද ඊගල් අසු දිනයි

News Room : ආණ්ඩුකාර කුසලානය එඩී ද ඊගල් අසු දිනයි

0
0

නුවරඑළිය වසන්ත උදානයට සමගාමීව රාජකීය තුරඟ සමාජය පවත්වන තුරඟ තරගමාලාවේ ආණ්ඩුකාර කුසලානය (Governors Cup) ගාමිණී ජයරත්න සහ චමරි ජයරත්න විසින් ඉන්දියාවෙන් ආනයනය කරන ලද එඩී ද ඊගල් අසු දිනා ගත්තේය. ඉන්දියානු ජාතික අශ්වාරෝහක එම්.එස්. ඩියෝරා විසින් දක්ෂ ලෙස පැදවූ ඊගල් අසු එස්.වී. මතියලගන් විසින් පුහුණු කර තිබිණි.

එඩ්වර්ඩ්ස් කලෙක්ෂන්ස් පූර්ණ අනුග්‍රහයෙන් පැවති මෙවර තරගාවලිය සැණ‍කෙළි ස්වරූපයක් ගත් අතර, දෙස් – විදෙස් ප්‍රේක්ෂකයන් දහස් ගණනක් එක්ව සිටීම කැපී පෙනිණි. මීටර් 2000ක දුරක් ධාවනය කළ එඩ්වර්ඩ්ස් කලෙක්ෂන් ක්වීන්ස් කුසලාන තරගයේ ජයග්‍රහණය හසංග ජයරත්න සහ පබා ජයරත්න යන මහත්ම මහත්මීන්ට අයත් ස්ක්වෙයා අසු දිනාගත් අතර, එම අසු ඉන්දීය ජාතික එම්.එස්. ඩියෝරා විසින් පැදවිය.

මීටර් 1070ක් දුරැති තරගයේදී පූර්ණි එඩ්වර්ඩ් මහත්මියට අයත් සූලූ ෆැන්ටසි අසු ජය හිමිකරගත් අතර, පී.එස්. කවිරාජ් එම අසු පැදවූයේ එස්.ඩී. මහේෂ්ගේ පුහුණුව යටතේය. මෙවර වසන්ත උදාන තුරඟ තරගාවලියේදී හසංග ජයරත්න මහතාට අයත් ෂාස් කොම්රාඩ් අසු හා බිග් ට්‍රෙෂරර් අසුන් ද ජය වාර්තා කිරීමට සමත් වූහ.

නුවරඑළිය වසන්ත උදානයට සමගාමීව පවත්වන තුරඟ තරගාවලියේ අවසන් තීරණාත්මක තරග වටය ලබන 27 වැනිදා පැවැත්වීමට රාජකීය තුරඟ සමාජය කටයුතු යොදා ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here