11
සෑම මාසයකදීම අලුතින් විවෘත කරන සේවක අර්ථසාධක අරමුදල් සහ සේවා නියුක්තිකයන්ගේ භාර අරමුදල් ගොනු පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ හැකි නව ක්‍රමවේදයක් කම්කරු අමාත්‍යාංශය සමඟ සාකච්ඡා කර ක්‍රියාවට නංවන බව කම්කරු ඇමැති සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය ඇමැති ආචාර්ය අනිල් ජයන්ත මහතා පැවසීය.
සමඟි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා වාචිකව ඇසූ ප්‍රශ්නයට පිළිතුරු දෙමින් ඇමැතිවරයා මේ බව කියා සිටියේය.
තවදුරටත් ඇමැතිවරයා මෙසේද පැවසීය.
මෙම නව ක්‍රමවේදය ඔන්ලයින් ක්‍රමය ඔස්සේ හෝ ලබාදෙනවා.
ජාතික ඉතිරි කිරීම්, නව ආයෝජන, ප්‍රාග්ධනය සැපයීම් යනාදී තොරතුරු සම්බන්ධයෙන් විශ්ලේෂණයක් කළ හැකි බවත් කාන්තා ශ්‍රම දායකත්වය සම්බන්ධයෙන් තොරතුරු මෙමඟින් රැස් කරගත හැකියි.