Home World News Room : ජනපති පුටින් සටන් විරාමයට එකඟයි

News Room : ජනපති පුටින් සටන් විරාමයට එකඟයි

0
0

යුක්‍රේනය දින 30 ක සටන් විරාමයක් සම්බන්ධයෙන් ඉදිරිපත් කළ යෝජනාවට එකඟතාව පළකරන බව රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් පවසයි.

කෙසේවුවද ඔහු ඒ පිළිබඳව දැඩි කොන්දේසි ගණනාවක් ඉදිරිපත් කර ඇති අතර සටන් විරාමයේ ස්වභාවය ගැටලු සහගත බවත්, ඒ ගැන සාකච්ඡා කළයුතු බවත් වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ.

යුක්‍රේනය අමෙරිකාවේ සහය ඇතිව ඉකුත් සතියේ සිදුකළ සාකච්ඡා වලින් පසු රුසියාව සමඟ යුද්ධය පිළිබඳ දින 30 ක සටන් විරාම ගිවිසුමකට එළඹුණි.

මොස්කව් හි ඊයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වු රුසියානු ජනාධිපතිවරයා සටන් විරාම යෝජනාව පිළිබඳ අදහස් නිවැරදි බවත්, ඊට සහය ලබාදෙන බවත් ප්‍රකාශ කළ අතර එහිදි සාකච්ඡා කළයුතු කරුණු කිහිපයක් පවතින බවද පෙන්වා දී තිබේ.

අදාළ ගිවිසුම සම්බන්ධයෙන් රුසියානු ජනාධිපතිවරයාගේ මෙම ප්‍රතිචාරය සිය වාසිය තකා සිදුකළ අයුතු බලපෑමක් ලෙස පෙන්වා දෙමින් රුසියාවට තවත් සම්බාධක පැනවිය යුතු බව යුක්‍රේන ජනාධිපති ව්ලොදමීර් සෙලෙන්ස්කි කියා සිටියි.

සටන් විරාමයක් තුළින් කල් පවත්නා සාමයකට මගපෑදිය යුතු අතර මෙම අර්බුදයේ මූලික හේතුව ඉවත් කළයුතු බව ජනාධිපති පුටින් අවධාරණය කර ඇත.

දින 30 සටන් විරාමය පිළිබඳව වැඩිදුරටත් අදහස් දක්වමින් රුසියානු ජනාධිපතිවරයා කියා සිටින්නේ මෙම සටන් විරාමයට එළඹීම යුක්‍රේනයට වඩාත් යහපත් වනු ඇති බවයි.

 

 

 

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here