Home Politics News Room : USAID ආධාර සම්බන්ධයෙන් ලිඛිත දැනුම් දීමක් කර නෑ

News Room : USAID ආධාර සම්බන්ධයෙන් ලිඛිත දැනුම් දීමක් කර නෑ

0
0

අ‍ෙමරිකා එක්සත් ජනපද ජනාධිපතිවරයාගේ ආධාර සැපයීම් සම්බන්ධ වන විධායක නියෝගය හේතුවෙන් USAID ආයතනය මඟින් ශ්‍රී ලංකා රජය වෙත සැපයෙන ආධාරවලට වන බලපෑම සම්බන්ධයෙන් මෙතෙක් USAID වෙතින් ශ්‍රී ලංකා රජය වෙත ලිඛිත දැනුම්දීමක් කර නැති බව මුදල් හා ක්‍රම සම්පාදන නියෝජ්‍ය ඇමැති හර්ෂණ සූරියප්පෙරුම මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (24) පැවසීය.

ආධාර ලබා ගැනීමේදී USAID ආයතනය සමඟ එළැඹ ඇති ගිවිසුම ප්‍රකාරව කිසියම් අත්හිටු වීමක් කරන්නේ නම් ශ්‍රී ලංකා රජය වෙත ලිඛිත දැනුම් දීමක් සිදු කිරීමට USAID ආයතනය එකඟව ඇති බව ද නියෝජ්‍ය ඇමැතිවරයා පැවසුවේය.

USAID පරිත්‍යාග සම්බන්ධයෙන් නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ පත් කළ මන්ත්‍රී රවී කරුණානායක මහතා පසුගියදා ඇසූ අතුරු ප්‍රශ්නයට පිළිතුරු දෙමින් නියෝජ්‍ය ඇමැතිවරයා මේ බව කියා සිටියේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here