Home Politics News Room : ජවිපෙ අද මුළුමනින්ම වෙනස් වෙලා

News Room : ජවිපෙ අද මුළුමනින්ම වෙනස් වෙලා

0
0

පෞද්ගලීකරණයට මෙන්ම පෞද්ගලික විශ්වවිද්‍යාල ආදියට එදා දැඩිව විරුද්ධ වූ ජනතා විමුක්ති පෙරමුණේ මතවාද අද වන විට මුළුමනින්ම වෙනස් වී ඇති බව ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (24) ප්‍රකාශ කළේය.

ප්‍රමාද වී හෝ තම මතවාදයන් වෙනස්වීම සම්බන්ධයෙන් සතුටුවන බව ගයන්ත කරුණාතිලක මහතා පැවසීය.

පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මහතා මේ බව සඳහන් කළේ 2025 වසර සඳහා වන අයවැය විවාදයට ඊයේ (24) පාර්ලිමේන්තුවේදී එක්වෙමිනි.

වැඩිදුරටත් අදහස් දැක්වූ ගයන්ත කරුණාතිලක මහතා මෙසේ ද පැවසීය.

රොනී ද මෙල් මහතා දක්ෂිණාංශික අයවැයක් ඉදිරිපත් කරමින් රට නව දිශානතියකට යොමුකළා. ඒ අය තමන් ඉදිරිපත් කළ ප්‍රතිපත්තිය වෙනුවෙන් පෙනී සිටියා. නමුත් අද දකින්නට තිබෙන්නේ මොකක්ද. වමට සිග්නල් දාලා දකුණට හරවන ස්වරූපයක් තමයි පේන්න තිබෙන්නේ. ඒ වගේම අයිඑම්එෆ් පිහිට පතන බවක් පේන්න තිබෙනවා.

අද වෙනකොට සාරධර්ම පිරිහිලා. අපි ගම්වල මිනිස්සු. අපේ මිනිස්සු තවම පිරිත් අහලා වැඩ පටන් ගන්නේ. බුදු දහමට ප්‍රමුඛත්වය දීපු රටක්. ඒ නිසා බුද්ධාගම වෙනුවෙන් ප්‍රමුඛතාව දෙයි කියා අපි සිතුවා. වෙනත් ආගම්වලට ප්‍රමුඛතාව දෙයි කියලා හිතුවා. බෞද්ධ අධ්‍යාපනය ලබන දරුවන් විශාල පිරිසක් සිටිනවා. බෞද්ධ, කතෝලික, මුස්ලිම් දහම් පාසල් විශාල ප්‍රමාණයක් තිබෙනවා. නමුත් ඒ වෙනුවෙන් මෙවර අයවැයෙන් වෙන්කර තිබෙන ප්‍රමාණය ප්‍රමාණවත් නැහැ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here